කොරෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.
ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනක් නගා සිටුවීමට මෙන්ම විදේශ ණය පියවීම ඇතුළු කරුණු ගණනාවක් රජයට ඉටු කිරීමට තිබේ. දැනට විදේශ රාජ්‍යවලින් හා දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගත් පෞද්ගලික ණය සියල්ල එකතු කළවිට මේ වසරේ ඩොලර් මිලියන 3200ක පමණ ණය පියවීමට ඇත.
දැනටමත් ඇතැම් රටවල් හා සංවිධාන වලින් ණය පියවීම සඳහා සහන කාලයක් ඉල්ලා ඇති අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 200 පමණ ආධාර සපයන බවට ප්‍රතිඥා දී ඇතැයි ආචාර්ය ජයසුන්දර මහතා කීය. තවත් විදේශ රටවල් හා සංවිධාන ගණනක් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට ඉදිරිපත්ව ඇතැයිද ලේකම්වරයා කීය.
සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.
දේශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...