විදේශ පුවත්

COVID-19 වසංගතය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය පනවා තිබූ තහනම් සීමා ලිහිල් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.ඒ අනුව යම් යම් සීමා කිරීම් වලට යටත්ව ඉන්දියාව පුරා ඇති කුඩා පරිමාණයේ වෙළෙඳ සැල් විවෘත කිරීමට ඉන්දීය රජය ඉඩ දී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා පවසයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා සවස නිකුත් කර ඇති නිවේදනයකට අනුව පැවසෙන්නේ ඉන්දියාව පුරා තිබෙන “අත්‍යාවශ්‍යය නොවන” කඩ සාප්පු හිමියන්ට සමාජ දුරස්ථීකරණ නිර්නායක වලට යටත්ව මුහුණු ආවරන සහ අත් ආවරණ පැළැඳ මාරාන්තික වෛරසය පැතිරීම පාලනය අවම වන ලෙස තම කඩ සාප්පු විවෘත කිරීමට අවසර තිබෙන බවයි. කෙසේ වුවද කඩ හිමියා තම සේවක මඩුල්ලෙන් 50%ක ප්‍රමාණයක් පමණක් සේවය සඳහා යෙදවිය යුතු අතර “තැවි කේන්ද්‍ර (හොට් ස්පොට්)” ලෙස හඳුනාගන්නා ප්‍රදේශයන්හිදී මෙම නිදහස් කිරීම වලංගු නොවන බවද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය අගමැතිවරයා වෛරසය ඉන්දියාව පුරා පැතිරීම හඳුනාගත් මුල් අවධියේදීම දින 21කට සමස්ත ඉන්දියාවම අගුළු දැමීමේ කටයුතු කරනු ලැබීය.එසේම අගමැතිවරයා විසින් එම අගුළු දැමීම තවදුරටත් දීඝර්‍ කිරීමෙන් අණතුරුව වෛරසය පැතිරීමේ තත්වය සමාලෝචනය කරණු ලැබීය. ඒ අනුව ඉන්දීය සෞඛ්‍යය අංශ වාර්තා කර සිටියේ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 15ක පසුගිය දින 28 පුරාම කිසිදු නව ආසාදිතයෙකු හමු නොවූ බවයි. සමහර ප්‍රදේශද මෙම කාණ්ඩ කිරීමට අයත් විය. ඉන්දියාවේ සමස්ත තත්වය සමාලෝචනය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පවසා සිටියේ ඉන්දියාව මෙම වෛරස වසංගතය මර්ධනය කරණ ක්‍රියාවලියේදී ඉගෙනගත් විශේෂතම පාඩම නම් ඉන්දියාව සතුම සම්පත් සහ ඉන්දියානු ජනයා පිළිබඳව පමණක් විශ්වාසය තැබිය යුතු බවයි.

ජෝන් හොප්කින්සන් සරසවියේ වාර්තා වලට අනුව පසුගිය සිකුරාදා දිනය වන විට ඉන්දියාවෙන් වෛරසය ආසාදිතයින් 24,447ක් හමුවී ඇති අතර සිකුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයින් 1,752 දෙනෙකු හමුවී ඇත. වාර්තා වී ඇති සමස්ත මරණ ගණන සිකුරාදා දිනය වන විට  6,817කි. ඉන්දියානු රජයේ වාර්තා වලට අනුව වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවන මරණ ගණන 3%ක සීමවේ පවතින බව පැවසේ. මෙය වෛරස ආසාදනය හේතුවෙන් ලෝකයේ සිදුවන මරණ සංඛ්‍යාවේ අගයට වඩා පහළ අගයක් බව ඉන්දීය සෞඛ්‍යය අංශ පවසයි. මෙම තත්වය දිගටම පවත්වා ගෙන ගියහොත් දැනට ඉන්දියාව සාමාන්‍යය කරණය කිරීමට බලාපොරොත්තු වන මැයි 3වන දින වන විට ආසාදිතයන්ගේ වක්‍රය පැතළි කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඉන්දීය සෞඛ්‍යය අංශ වල විශ්වාසයයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර –  www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More