අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වරාය පැහැදිලිව පැවතිය යුතු බවට රජයේ නියෝගය අනුව ඉදිරි දින කිහිපය තුළ වාහන පන්දහසක් පමණ වරායෙන් පිටතට ගෙන යාමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර තිබේ.
“අනයනය කරන ලද වාහන 6,500 කින් මේ වන විට නිදහස් කර ගෙන ඇත්තේ දහසක පමණ ප්‍රමාණයක් විතරයි. නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා අපට ආනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය වෙනවා. වරායක් ලෙස අපි පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර මෙම මාසය අවසන් වන විට වාහන ඉවත් කිරීමට අපට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. නිෂ්කාශනය සඳහා පහසුකම් සැපයීම සඳහා අදාළ සියලුම රජයේ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වන බවට බලධාරීන් සහතික වී තිබෙනවා”, යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ අතර 2020 මාර්තු 16 සිට 2020 අප්‍රේල් 30 දක්වා වූ කාලය සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම ඉවත් කර ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් නිෂ්කාශනය ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහාය නොදක්වන ආනයනකරුවන් සඳහා මෙම සහනය කිසිසේත් දීර්ඝ නොකරන බව තිස්ස වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටී.
ආනයන හා අපනයන, භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සියලුම වරාය මෙහෙයුම් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින්, හම්බන්තොට වරාය ලේඛන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර එහි හවුල්කරුවන්ට සහ සේවාදායකයින්ට ඔවුන්ගේ ලේඛන කටයුතු ප්‍රමාදයකින් තොරව හැසිරවීමට විවෘතය. හම්බන්තොට වරාය විසින් මාර්ගගත ගෙවීම් හුවමාරු පද්ධතියක් ද සක්‍රීය කර ඇති අතර ගනුදෙනුකරුවන් සඳහා e-DO පහසුකම ක්‍රියාත්මක කිරීමේ අවසන් ක්‍රියාවලියේ යෙදී සිටී.
මේ අතර මෝටර් රථ හා වෙනත් භාණ්ඩ, හම්බන්තොට හා කොළඹ වරායන්ගෙන් නිදහස් කරගැනීම සඳහා සහාය ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සතියේ දී තීරණය කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...