මුහුණු පොතෙන්

ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වි‍ශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන්  ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන්ය.

“ශ්‍රී ලංකන් ගුවන් සේවය අදාළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් විසින් ශ්‍රී ලංකා රජය වෙත කරන ලද ඉල්ලීම මත පදනම්ව ඉහත සඳහන් ගමනාන්ත වෙත විශේෂ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන ගුවන් මෙහෙයුම් සිදුකළ බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව බොහෝ රටවල ගුවන්තොටුපල සහ ගුවන් මෙහෙයුම් වසා දමා ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු, ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම, සන්නද්ධ හමුදා, රජයේ වෛද්‍ය ආයතන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය එක්ව මෙම විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර රජයේ අනුමැතිය ලබා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව මෙම ගුවන් ගමන් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත විශේෂ ගුවන් යානය පිටත්ව යන ලද්දේ 50% හෝ ඊට අඩු සමස්ත ගුවන් ධාරිතා සාධකය සමඟය.
ගුවන් සේවය දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට,  එනම් අමරිට්සර් හි මෙහෙයුම් පිරිවැය වන ගොඩබෑම /ගුවන් යානා නැවැත්වීම / භූමිය හැසිරවීම යනාදිය සැපයුම්කරුවන් සමඟ සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ එය දැරීමට සිදුවිය.

ඒ අනුව මෙම පිරිවැය වෙනත් ගුවන් ගමන්වලට  සාපේක්ෂව ඉහළ ය.

මෙම ප්‍රධාන මෙහෙයුම් පිරිවැය ගුවන් සමාගමේ පාලනයෙන් ඔබ්බට යන අතර ධාරිතාව අඩු සාධක තිබියදීත් එය දැරීමට සිදුවේ.
බොහෝ ගුවන් තොටුපලවල් වසා දමා ඇති බව තවදුරටත් සැලකිල්ලට ගනිමින් ආපසු පැමිණීමේ ගමන සඳහා ආහාර සැපයීමේ සේවා සැපයීම සහ බලාපොරොත්තු නොවූ ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා ගොඩබිම් සේවා සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කොළඹ සිට ඉන්ධන රැගෙන යාමට සිදු විය.

විශේෂයෙන්ම COVID-19 ත්ත්ත්වය යටතේ දී පවතින මෙහෙයුම් ක්‍රියාපටිපාටීන් මත මෙම ගුවන් යානා ක්‍රියාත්මක වූ අතර එමඟින් කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම ඉවත් කිරීම් සහ ගුවන් යානා විෂබීජ නාශක සඳහා වන ක්‍රමවේද ඇතුළු වියදම් තවදුරටත් ඉහළ යන ලදී.

එම හේතූන් මත මුළුපිරිවැය අඩු මගීන් අතර බෙදී යන විට, එක් අයෙකු සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වේ.

ගෝලීය ගුවන් කර්මාන්තයම වසා දමා ඇති අවස්ථාවක, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්  නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය, භූමිය හැසිරවීමේ කාර්ය මණ්ඩලය, සැලසුම්කරුවන් සහ තිරය පිටුපස සිටින තවත් බොහෝ සාමාජිකයන් ඇතුළු ගුවන් සේවයේ සියලු සේවකයින් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව අවදානමකට ලක් කරමින් මෙම වාණිජමය අරමුණක් නොමැති මානුෂීය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට පවුලක් ලෙස එක්ව සිටියි.

වෙළඳපොල ගතිකතාවයන් මත පදනම් වූ සාමාන්‍ය වෙළඳපොල ගාස්තු මෙන් නොව, වරලත් ගුවන් ගමන් සඳහා තනිකරම ගාස්තු උපුටා දැක්වීමට ගුවන් සමාගමට සිදු වූයේ මේ හේතූ මතය.”

එම සම්පූර්ණ නිවේදනය පහතින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More