කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කරන PCR යන්ත්‍රයක් මෙරටදීම නිපදවීමට තරුණයෙකු සමත්වී තිබේ.
PCR යන්ත්‍රයක වෙළදපොල මිල ලක්ෂ 3 ඉක්මවන අතර මෙය රුපියල් 10000 අඩු මුදලකට මෙරටදී නිෂ්පාදනය කල හැකි බව එම නිර්මාණය කළ ඌෂාන් සකුත්ත පවසයි.
PCR ක්‍රියාවලිය සදහා විශාල කාලයක් වැය වන බැවින් සිදු කල හැක්කේ එකවර කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බවත් ඒ අනුව එකවර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කල හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම තමාගේ අරමුණ බවත් ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.
PCR යනු Polymerase Chain Reaction ක්‍රියාවලිය වේ. ආසාදිතයකු යැයි සැක කරන රෝගියකුගෙන් ලබා ගන්නා ජෛව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් වෛරසය අසාදනය වී ඇත්ද යන වග එහිදී හදුනා ගත හැක.
මෙහිදී සෙම් පටලයක් හෝ උගුරෙන්, නාසයෙන් ලබා ගන්නා සාම්පලයක් යොදා ගනු ලැබේ. මෙසේ ලබා ගන්නා සාම්පලයේ වෛරස ඇත්නම් මූලික පියවර කිහිපයකින් එහි RNA කොටස වෙන් කර ගනු ලැබේ. එම ලබා ගත් RNA, DNA බවට පත් කිරීමෙන් PCR පරීක්ෂාව සිදු කල හැක. මෙය RT- PCR නම් වේ.
PCR machine හෙවත් Thermocycler machine එක මගින් මෙසේ ලබා ගත් DNA බිලියන ගණනක් පිටපත් කරනු ලැබේ. මේ සදහා පැය 4-6 පමණ කාලයක් ගතවේ. මෙසේ ලබා ගත් පිටපත් Electropherises ක්‍රමවේදයෙන් පරීක්ෂා කිරීමෙන් ආසදිතද යන වග තහවුරු කල හැකි බවත් තමා විසින් නිෂ්පාදිත යන්ත්‍රය මෙම PCR යන්ත්‍රය බවත් ඔහු සඳහන්කර තිබේ.
මෙහි එකවර පරීක්ෂා 12ක් සිදු කල හැකි අතර 25 දක්වා වැඩි කල හැක. PCR යන්ත්‍ර සදහා භාවිතා වන නවීනතම තාක්ෂණය මේ සදහාද භාවිතා කල අතර සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු දේ එක් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...