රටවල් අගුළු දැමීම ලිහිල් කිරීමේ ක්‍රමයක් ලෙස ‘ප්‍රතිශක්තිකරණ ගමන් බලපත්‍ර’ හෝ ’අවදානම් රහිත සහතික’ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට නිකුත් නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් නැවත වතාවක් කොවිඩ් – 19 වෛරසයෙන් රෝගී නොවන බවට මෙතෙක් පිළිගත හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බැවින් මෙලෙස රජයෙන් අනුමත කරන ලද සහතික ‘සුව වූ පුද්ගලයන්ට’ නිකුත් නොකළ යුතු යැයි එම සංවිධානය අවධාරණය කරයි.
මේ වන විට චීනය ඇතුළු වෛරසය යම් පමණකට මර්දනය කළ රටවල් කිහිපයක්ම සුව වූ පුද්ගලයන්ට ආරක්ෂිත බව තහවුරු කෙරෙන සංචාරය කිරීමට සහ රැකියා සඳහා යොමුවීමට සහතික නිකුත් කර ඔවුන්ට අවසර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත.
මෙලෙස සහතිකයක් නිකුත් කිරීම ඔස්සේ තමන්ට ප්‍රතිශක්තීකරණය ඇතැයි උපකල්පනය කර වරක් රෝගී වූ පුද්ගලයන් පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම නතර කළ හැකි බවත් එමගින් ඔවුන් නැවතත් ආසාදිතයන් බවට පත්විය හැකි බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
‘‘මෙතෙක් සිදුකරන ලද බොහෝ අධ්‍යයනවලදී පෙනී ගොස් ඇත්තේ ආසාදනයෙන් සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රතිදේහ ඇති බවයි. එහෙත් ඉන් ඇතැමකුට ඇත්තේ ප්‍රතිදේහ ඉතාම අඩු මට්ටමකි. පසුගිය සිකුරාදා (අප්‍රේල් 24) දිනය වන විටත් ප්‍රතිදේහ ප්‍රමාණවත් තරම් ඇති පුද්ගලයන්ද නැවත වෛරසයට ගොදුරු නොවන බවට කිසිදු පර්යේෂණයකින් අනාවරණය කරගෙන නොතිබිණි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...