“අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමේ අරමුණෙන් යුතුව සටහන් තබමි
.2020/04/22 වන දින අපගේ බස් රථයකින් මොණරාගලට පැමිණි මා දරුවා වෙනුවෙන් යමක් මිලදී ගැනීමට දයානන්ද අයියාගේ කඩයට ගොස් කෙළින්ම මාගේ නිවස වෙත මා ගියා.එදිනම හවස මාහට ආරංචි වූයේ නාවික හමුදාවේ ආසාදිතයකු ඇති බව.එතැන් සිට මා කිසිදු ස්ථානයකට නොගොස් වසමේ ග්‍රාමසේවක මහතාගෙන් PHI මහතාගේ දුරකතන අංකය රැගෙන දැනුවත් කොට කඳවුරේ ආසාධිතයන්ගේ වැඩිවීමත් සමඟ හුදෙක් මාගේ අවශ්‍යතාවය මතම PHI මහතාට කතා කොට PHI මහතාගේ සහ නිවසට පැමිණි වෛද්‍යවරුන්ගේ උපදෙස් මත 1990 ගිලන් රථ සේවය මඟින් සිරිගල රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයට යොමු වුනෙමි.
පරීක්ෂණයේ ප්‍රතිඵලය මෙතරම් අභාග්‍ය සම්පන්න එකක් වන බව යම් ඉඟියකින් හෝ දැන සිටියානම් දයානන්ද අය්යේ ඔයාගේ කඩයටවත් අඩුම තරමේ මාගේ නිවසටවත් මා යන්නේ නැත. ඔබට ඔබේ දරු පවුල නොදැක මොහොතක් සිටිය හැකි දැයි හඳවතට තට්ටු කර බලන්න.නමුත් මම මාස දෙකකට ආසන්න කාලයක් එකදිගට මා රජකාරි කටයුතු කලේ මාගේ දරුවා වරින් වරින් වර තාත්ති ඔයා මේ සැරේ ගෙදර එන්න පරක්කුයි නේද කියලා අහන හැම අවස්ථාවකදීම එයාට කිව්ව බොරු ප්‍රමාණය හරියටම මතක නැත.
එනිසා මාගේ රැකියාවෙන් ලද අත්දැකීම් සම්භාරය නිසාවෙන්ම මාගේ පිරිසට රෝගය වැලදී ඇති බව දැනගත් මොහොතේ සිට සමාජ දුරස්ථ භාවය උපරිමයෙන් ආක්ෂා කළෙමි. එබැවින් අසල් වැසි නිවසේ සිට අනෙක් කිසිවකු බියක් ඇති කරගත යුතු වන්නේම නැත.එමෙන්ම මේ සිදුවීමට අමතරව පලවන කිසිවක් සත්‍ය නොවේ. මන්ද මේ සිදුවීම් සියල්ලෙහි කතා නායකයා මා වන බැවිනි. දැනට මා නිරුපද්‍රිතව ප්‍රතිකාර ලබන අතර මෙහි ප්‍රතිඵලය අවසානයේ කුමක් වුවත් සමසේ විඳ දරා ගැනීමට මාගේ බිරිඳත් දරුවෝ දෙන්නත් හිත හදාගෙන හමාරයි.
ඔබලාට ජය෴
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...