කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළ වන වාර්තාවක් පිළිබඳව දෙරණ අරුණ වැඩසටහනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසා සිටියේය.
පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය සඳහාම නිර්මාණය වු දෙයක් නොව ජාත්‍යාන්තර වශයෙන් මෙය බොහෝ කාලයක සිට පවතින බවත් ඒ මහතා කියා සිටියි.
උදාහරණයක් ලෙස ආපදා අවස්ථාවල දී මෙම පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර නැතිනම් බොඩි බෑග් භාවිත කරන බවත් පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී මළ සිරුරු බහාලීමට ද මෙම උර භාවිත කළ බවත් ඒ මහතා පැහැදිලි කර සිටියේය.
එනිසා ඕනෑම අවස්ථාවක් සඳහා සූදානම අවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව එම ගබඩා මට්ටම් පවත්වාගෙන යා යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
මරණ ඇතිවීම වැළැක්වීමට පමණක් නොව රෝග ඇතිවීම වැළැක්වීමටත් ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල මෙහෙවරක් සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...