දේශීය පුවත්

කැළි කසල කඳු යළිත් ගොඩගැසීමට අවස්ථාව උදාකරදීමෙන් ආණ්ඩුව තවත් ප්‍රශ්න රැසකට මුල පිරීමක් ආරම්භ කර තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට පෙර කැළිකසළ ඉවත් කිරීමට යම් යම් පියවර ගත් ආණ්ඩුව ඡන්දයෙන් පසුව කැළිකසළ ඉවත් කිරීමට කටයුතු නොකර්නනේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක කසල ගොඩගැසී ඇති බවත් ඒවා ඉවත් කිරීමට ක්‍රියා නොකිරීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දෙමටගොඩ මාලිගාවත්ත පංචිකාවත්ත මරදාන කොම්පඤ්ඤවීදිය කොළඹ ප්‍රදේශ කිහිපයකම මෙම තත්ත්වය මතු වී ඇති බවට ජනතාවගෙන්ම තොරතුරු ලැබී තිබෙන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කසල නිසිපරිදි ඉවත් කිරීමට පියවර නොගතහොත් යම් යම් රෝග පැතිරයාමේ අවධානමක් පවතින බවත් මේ ගැන ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

තම පාලන කාලයේදී ලෝකයේ ලස්සනම මෙන්ම පිරිසිදු නගර 10 අතරට පැමිණි කොළඹ නගරය වත්මන් ආණ්ඩුව යටතේ ගතවූ වසර 3 ක කාලය තිළදී දැඩි ලෙස අපිරිසිදු වී අවලස්සනවී තිබිම කණගාටුවට කරුණක් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More