ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවා තිබේ.
මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.
කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් අනූ හයදහසක්, සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 05ක්, සි/ස සණස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ටේලියාවේ නිව් සවුත් වේල්සයේ පදිංචි ආදි ආනන්දියන් රුපියල් ලක්ෂ 05ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මිලියන 1.1 ක්, ඒ.ඩී.ආර්.සී. ලෙනාඩ් මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක් , මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් හය ලක්ෂ හැට එක් දහසක් අරමුදලට පරිත්‍යාග කර ඇත.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙර්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...