දේශීය පුවත්

ඊයේ දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා විසින් අති බහුතර රුසියානුවන්ගේ කැමැත්තෙන් තෝරා පත් කරගෙන තිබේ.

පුටින් විසින් ලබා ගෙන ඇති ඡුන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

2012 පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත්(64%) වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ජනාධිපති ධුරයට පුටින් පත් වන්නේ සිවුවැනි වතාවටයි.

ඔහු සමග තරග අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.

ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.

බටහිර මාධය විසින් පැල කරන ලද පුවත් වාර්තා කිසිදු තැකීමකට නොගෙන රුසියානු ජනතාව විසින් පුටින් අති මහත් බහුතරයෙන් මෙසේ සිවුවන වතාවටත් ජනාදිපති පුටුවේ හිදුවා තිබේ.

(ප‍්‍රතිඵල තව දුරටත් නිකුත් වෙමින් තිබේ)

දෙවතාවට වඩා ජනාදිපති ධුරයට පත් වන්නේ මහා එකාධිපතියන් යයි ශ‍්‍රී ලංකාවේ ජනතාව විශ්වාස කරයි. ඒ අර්ථයෙන්ම චීන ජනාධිපතිවරයා හා ජර්මානු චාන්සලර්වරියද මහා ඒකාධිපතියන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More