චීනයට රුසියාවෙන් රැගෙන එන තෙල් නැව් ගණන ඉහළ යද්දී සෞදි අරාබියෙන් එන තෙල් නැව් ප්‍රමාණය පහළ බැස ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍යය පවසයි. චීනය මාර්තු මාසයේදී රුසියාවෙන් ආනයනය කළ බොරතෙල් ප්‍රමාණයට වඩා 30%කට වැඩි බොරතෙල් ප්‍රමාණයක් අප්‍රේල් මාසයේදී ආනයනය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට බොරතෙල් වලට ලෝක වෙළෙඳ පොළේ ඇතිවී තිබෙන ඉල්ලුම බරපතල ලෙස පහත යමින් පවතින අතර නිෂ්පාදනය කරන බොරතෙල් ගබඩා කර තබා ගත හැකි බොරතෙල් ගබඩාද ඉතා සීඝ්‍රයෙන් පිරී ඉතිරී යන මට්ටමට පැමිණ තිබේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් වල මිළ සීඝ්‍ර ලෙස පහත වැටී ඇති තත්වයක් තුළ චීනය එහි උපරිම වාසිය ගැනීමට කටයුතු කරමින් සිටී.
ඒ අනුව චීනය මාර්තු මාසයේදී බොර තෙල් බැරල් මිලියන 9.8ක් අනයනය කිරීමට කටයුතු කර ඇති අතර එය 2019 වර්ෂයේ ආනයනය කළ බොර තෙල් ප්‍රමාණයට වඩා 4.5%ක වැඩිපුර ආනයනය කිරීමකි. චීනයේ ආනයන වාර්තා පිරික්සීමෙදී තහවුරු වූ කරුණක් නම් බොර තෙල් ආනයනය රුසියාවෙන් බොර තෙල් බැරල් මිලියන 1.6ක් සහ සෞදි අරාබියෙන් බොර තෙල් බැරල් මිලියන 1.7ක් ලෙස සමාන මට්ටමේ පැවතුණු බවයි.
එහෙත් චීනය නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව සමස්ත චීන බොර තෙල් ආනයනයෙන් 31%ක්ම රුසියාවෙන් ආනයනය කරන විට සෞදි අරාබියෙන් ආනයනය කරන ප්‍රමාණය 1.6%කට සීමා වී තිබුණි.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...