තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාවක සිට බීමත්ව පැමිණෙමින් සිටියදී පෙරේදා (17දා) අලුයම 6ට පමණ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත් කරමින් දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන පැමිණි බව කියන එජාප ප්‍රබලයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකුගේ බෑනා පලාගොස් තිබේ. ඊයේ (18දා) සවස් වනතුරුත් මෙම අනතුර පිළිබඳ ප්‍රදේශයේ පොලිසිය වූ තලංගම පොලිසියට වාර්තා කර නැත.
ඇමැති ඥාතියා පදවාගෙන පැමිණි බී.එම්.ඩබ්ලිව්. රථයේ ගැටුණු වාහන දෙකට දැඩි අලාභ හානි සිදුවුවද, ඒවායේ ගමන් කළ පුද්ගලයන්ට හානියක් සිදුව නැත. එම අනතුර පිළිබඳ ඔවුහු තලංගම පොලිසියට පැමිණිලි කර තිබේ.
දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. රථයේ ඇමැති ඥාතියා සමඟ සිටි තවත් පුද්ගලයකු දොර විවෘත කරගෙන රථයෙන් ඉවතට පැමිණ ත්‍රිරෝද රථයක නැඟී පලාගිය බවත් ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවත් සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ. අංක එර්ථී ර්ථීඛ් 18-3182 දරන මෙම බී.එම්.ඩබ්ලිව්. රථය කොළඹ 5 ප්‍රදේශයේ එක්තරා සමාගමකට අයත් බව හෙළිවී ඇත. එම සමාගමේ නිලධාරියකු පැමිණ අනතුරට පත් රථ දෙකේ හිමිකරුවන් හමුවී සිද්ධිය සමථයකට පත්කර ගැනීමට උත්සාහ කර ඇතත් බී.එම්.ඩබ්ලිව්. රථය පදවාගෙන පැමිණියේ කවුදැයි හෙළිකර නොමැත. අනතුරට පත් බී.එම්.ඩබ්ලිව්. රථය එම ස්ථානයෙන් ඉවතට ගෙන පොලිස් භාරයේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තිබේ. මෙම මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා කවුදැයි දැන ගැනීමට උත්සාහ කළද තලංගම පොලිසිය එය අනාවරණය කළේ නැත.
මේ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ අංක 0718591882 දරන ජංගම දුරකතනයට කිහිප විටක් ඇමතුවත් ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
මේ අතර මෙම රියඅනතුර සිදුවීමට හේතු වූ මෝටර් රථය පදවා ඇත්තේ තමාගේ ඥාතියෙකු වන නමුත් එම පුද්ගලයා තමාගේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ නිලධාරියෙකු නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂිම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...