මුහුණු පොතෙන්

ශ්‍රී  ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත  ආයතනය (ICTA) රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව  COVID-19  අදාළ තොරතුරු මහජනතාවට ලබාදීම  සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk නමින්  දියත් කරන ලදී. COVID-19 හේතුවෙන්  රට තුල  ඇතිවූ   නව  තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය නිර්මාණය  කරන ලද අතර ශ්‍රී  ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු  විශ්වාසදායක මුලාශ්‍රයන්  හරහා  මහජනතාවට ලබා දී මෙහි  අරමුණ වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්යාංශය සහ ශ්‍රී  ලංකා යුද හමුදාව මෙම වැඩසටහනේ නියැලී සිටින ප්‍රධාන ආයතන හා සංවිධාන වේ.

මෙම වෙබ් අඩවියේ   ඉදිරිපත් කර ඇති තොරතුරු හෝ දත්ත විවිධ රාජ්‍ය ආයතනවලින් සහ වෙනත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලබාගැනේ. COVID-19 පැතිරයාමට  අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම් සොයා ගැනීමට මෙය තොරතුරු කේන්ද්‍රස්ථානයක් වනු ඇති අතර දේශීය හා අන්තර්ජාතික වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි ප්‍රවෘත්ති සමඟ සම්බන්ධ වීමට පුරවැසියන්ට බාධාවකින් තොරව  මෙමගින්  අවස්ථාව උදාවේ.

තවද, එම වෙබ් ද්වාරය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍රවාහන, විදේශ සේවා , අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුභසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරු ද එහි අඩංගු වේ. eMarketingEye (පුද්ගලික) සමාගමේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More