උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ජීවතුන් අතර සිටින බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ ඉහළ ආරක්ෂක උපදේශකවරයා දැනුම් දී ඇත.
උතුරු කොරියානු නායකයා, ‘හොඳින්, ඔහු ජීවතුන් අතර’’ දකුණු කොරියානු ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ උපදේශක මූන් චන්ග් ඉන් පැවැසීය.
‘‘අපේ ආණ්ඩුව ස්ථාවරයේ වෙනසක් නැහැ’’ යැයි ද සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කීය.
උතුරු කොරියානු නායකයා අප්‍රේල් 13 වැනිදා සිට වොන්සන් හි රැඳි සිටින බව හෙතෙම කීය. වොන්සන් යනු උතුරු කොරියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි නගරයකි. 2013 වසරෙන් පසුව මෙම නගරය නිවාඩු නිකේතන සහ විනෝදාස්වාදය පිරි නගරයක් බවට පත් කළ අතර උතුරු කොරියාවේ තරුණ නායකයා මේ නගරයට විශේෂ කැමැත්තක් දක්වන බව ද පැවසේ.
‘‘උතුරු කොරියාවෙන් සැක කටයුතු කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි ද මූන් චන්ග් ඉන් කීය.
උතුරු කොරියානු නායකයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනි සිටියේ අප්‍රේල් 11 වැනිදාය. උතුරු කොරියාවේ නිර්මාතෘ මෙන්ම කිම් ජොන්ග් උන්ගේ සීයාගේ උපන්දිනය අප්‍රේල් 11 වැනිදාට යෙදී තිබිණි. එය උතුරු කොරියානේ දේශපාලන දින දර්ශනයේ වැදගත් දිනයක් වන අතර රටපුරා සැමරුම් පැවැත්වේ. උතුරු කොරියානු නායකයා එම උත්සවයට ද සහභාගී නොවීය. උතුරු කොරියානු නායකාය සති දෙකකට ආසන්න කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ විවිධ කටපතා පැතිරෙන්නට විය.
‘‘අපිට තහවුරු කරන්න කිසි දෙයක් නැහැ. උතුරු කොරියාව තුළ මේ දක්වා කිසිදු විශේෂ දෙයක් සිදු වී නැහැ. එහෙම කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සතියේදී සඳහන් කළේය.
උතුරු කොරියානු නායකයා මේ මස මුලදී හදවත් සැත්කමකට මුහුණ දුන් බවත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවත් ඩේලි එන්.කේ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. උතුරු කොරියාවෙන් පැන ආ පිරිස් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යයි.
හදවත් සැත්කමකට ලක්වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මොළය අක්‍රිය වී මියගොස් ඇතිනම් උතුරු කොරියාවේ මීළඟ උරුමකරු වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.
හදවත් සැත්කමින් පසු 36 හැවිරිදි උතුරු කොරියානු නායකයාගේ මොළය අක්‍රිය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.
උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත.
(ඒ එෆ් පී/ රොයිටර්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...