දේශීය පුවත්

2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ජාතික ප්‍රතිඵල අනුව ඉහළම සමත් ප්‍රතිශතය දකුණු පළාතට හිමිව තිබේ. දකුණු පළාතේ සමත් ප්‍රතිශතය 78.31% කි. ජාතික සමත් ප්‍රතිඵලය 73.84%ක් වෙද්දි බස්නාහිර පළාතේ සමත් ප්‍රතිශතය 76% කි.

දිවයිනේ දිස්ත්‍රික්ක අතර 2019 වැඩිම සාමාන්‍ය පෙළ සමත් දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමත් ප්‍රතිඵලය 80.51% කි. මාතර දිස්ත්‍රික්කයේ සමත් ප්‍රතිශතය 79.22%ක් වෙද්දී ගාල්ල ප්‍රතිශතය 76.30 % කි.

ලංකාවේ අංක එකේ කලාපය බවට පත්ව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයයි. එහි සමත් ප්‍රතිශතය 86.22 % කි.

පසුගිය 2018 වසරේද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඉහළම ප්‍රතිඵල අත් වූයේ දකුණු පළාතටයි. 2018 වසරේදී දිවයිනේ ඉහළම සමත් ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කය වාර්තා කරද්දි, හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවන ස්ථානයේ පසු වූවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට 556,256 ක් පෙනී සිටියා. ඉන් 73.84% ක් උසස් පෙළ සදහා සුදුසුකම් ලබා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More