දේශීය පුවත්

වනාතවිල්ලුව කරතිව් පාසලේ ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ලබා දි ඇති ප්‍රකාශයක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා තිබේ.

අදාළ කරතිව් ආරාබි පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. මෙහි දිවයිනේ විවිධ ප්‍රදේශ වල මව් පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අධ්‍යාපනය හදාරා ඇති බවත් කියයි.

මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

අදාල අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය ශ්‍රී ලංකා ත්‍රස්ත නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුය භාරයේ රදවා සිටින මෙම අරාබි පාසලේ රැදි සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුල විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි .

එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි පුහුණු විම් ලබා දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමටත් සිදුවු බව පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට සිදුකර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව තිබේ .

එසේම අදාළ දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිණි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන පාලනාධිකාරියට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිම කර ඇති බවයි .

සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස 2019 ජනවාරි 16 දින සොයා ගැනුණ වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශයට කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම අදාළ අරාබි පාසල අවට එක් ජන කොටසක් පමණක් වාසය කර ඇති බවද වාර්තා වෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More