ලංකා ලීඩ් වෙත දිගින් දිගටම තොරතුරු ලබා දෙන වෛද්‍යවරුන් විශාල පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ වගකිම් දරණ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නමින් කොටසක් දරණ පුද්ගලයෙකුගේ දූෂිත ක්‍රියා පිළිබඳව හෙළිදරව් කොට ඇත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රභල ගෝලයෙකු ලෙස සැලකෙන ඔහු වර්තමාන අමාත්‍යතුමියට කිට්ටුවන්නේ අභයාරාමය හරහා බවද වාර්තා වේ. ඒ සඳහා ඔහුට සුදුසුකම් ලැබෙන්නේ ඔහු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පවතින ඡන්ම වෛරය බවද සඳහන් වේ.
සර්, මැඩම් වචන වලින් ඕනෑම දේශපාලඥයෙකු ගොනාට ඇන්දවීමට සමත් මෙම පුද්ගලයාට දැන් PCR පරීක්ෂණ සම්බන්ධීකරණය කිරීමේ වගකීම බාරදී ඇත. ඉතා පහසුවෙන් යන්ත්‍ර 25 ක් පමණ යොදා ගනිමින් PCR පරීක්ෂණ 2000 ක ඉලක්කයට මීට සති 2 කට කලින් ලඟා විය හැකිව තිබූ නමුත් එය කළ නොහැකි වන්නේ මෙම දූෂිත පුද්ගලයාගේ කඩාකප්පල් කිරීම සහ වැඩබැරිකම යන දෙකම නිසා බව වෛද්‍යවරු පවසති.
පෞද්ගලික අංශයේ රසායනාගාර 06 ක් රජයේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සඳහා යොදා ගත යුතු බවට යෝජනා වුවත් දිනෙන් දින එය පමා කරන්නේ පුද්ගලික අංශය සහ මෙම දූෂිත වෛද්‍යවරයා අතර පවතින ප්‍රභල සම්බන්ධය නිසා බවද වාර්තා වේ.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
DR AMAL HARSHA DE SILVA DA?