දේශීය පුවත්

නව කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි වශයෙන් මියයන්නේ පිරිමින් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙය මෙම වෛරසය සම්බන්ධයෙන් පමණක් නොව මෙයට පෙර සාර්ස්, මර්ස් වැනි වසංගතවලට හේතු වූ වෙනත් කොරෝනා වෛරස සම්බන්ධයෙන්ද දැකිය හැකි වූ තත්ත්වයක් බව අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත.

අප්‍රේල් 19 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ඒ වනවිට යුරෝපය තුළ කොවිඩ් 19 නිසා මිය ගොස් සිටි අය අතරින් සියයට 63 ක්ම පිරිමි රෝගින් විය.

තවත් වාර්තාවකින් අනාවරණය කර තිබුණේ මාර්තු මාසය තුළ ඉතාලියෙහි මිය ගිය අයගෙන් සියයට 70 ක් පිරිමින් බවයි. පිරිමින් කාන්තාවන්ට වඩා කොරෝනා වෛරසවලින් මරණයට පත් වීමට හේතුව කුමක්ද? මේ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අධ්‍යයනයන් සිදු වෙමින් පවතී.

මේ අනුව පළ වී ඇති එක් අදහසක් වන්නේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ජාන අතර පවතින වෙනසක් මෙයට හේතු විය හැකි බවයි. මේ නිසා කාන්තාවන් පිරිමින්ට වඩා ආසාදනයන්ට ඔරොත්තු දෙන තත්ත්වයක් තිබිය හැකි බව පර්යේෂකයන්ගේ එක් මතයකි.

එමෙන්ම පිරිමින් දුම්බීම වැනි පුරුදුවලට වැඩි වශයෙන් යොමු වී සිටීම ද තවත් හේතුවක් විය හැකි බැව් අනුමාන කෙරේ. මේ නිසා ඔවුහු හෘදවස්තුව සහ පෙණහලු ආශ්‍රිත ආබාධවලට වැඩි වශයෙන් ගොදුරු වෙති.

මෙවැනි ආබාධවලින් පෙළෙන්නන් කොරෝනා ආසාදන නිසා මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බව මේ වනවිට සනාථ වී ඇති කාරණයකි.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදන නිසා පිරිමින් වැඩි වශයෙන් මිය යාමට හේතු සොයා ගැනීම සඳහා තව දුරටත් පර්යේෂණ කෙරෙමින් ඇති බැව් වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More