රට විවෘත කරන විට ඉහළ යන රෝගීන් අල්ලා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
ඒ සඳහා සිදුකළ යුතු පරීක්ෂණ ඉහළ දැමිය යුතු බවත් සඳහන් කළ හෙතෙම එම කටයුත්ත සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පරීක්ෂණ ක‍්‍රමවේදය කුමක් ද යන්න විමසා සිටින බවත් හෙතෙම කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එම අදහස් පළ කළේ පවතින වසංගත තත්ත්වය පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී ය. එහිදී වැඩිදුරටත් ‘දිවයිනට’ අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේ ද පැවසීය.
දැනට සිදු කරන පරීක්ෂණ තව තවත් වැඩි කළ යුතුයි. ඒ සඳහා තිබෙන ක‍්‍රමවේද කුමක් ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය රටට කියන්න ඕනෑ. මේ මොහොතේ ඉහළ ගොස් ඇති ‘පොකුරුවල’ සිටින ආසාදිතයන් අල්ලා ගන්න අපි වැඩ කරන්න අවශ්‍යයි. ‘පොකුරු’ වැඩි වුණාට කමක් නැහැ. නමුත් එය සමාජයට පැතිරීම පාලනය කර ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක්.
එසේ කිරීමට අප සතුව තියෙන ධාරිතාව කොපමණ ද යන්න දැනගන්න ඕනෑ. ඒ සඳහා ඇති පරීක්ෂණ ක‍්‍රමවේදය කුමක් ද යන්න අපි ඉල්ලා සිටියා. වෛරස ආසාදිතයන් පස්දෙනෙක් හමු වුවහොත් එය ආසාදිතයන් 25 සීමාවෙන් නතර කරගත යුතුයි. එය 125ට යෑමට ඉඩ දෙන්න බැහැ. ආසාදිතයන් සමග ගැටෙන සෞඛ්‍ය අංශවල ඇතුළු සියලූ දෙනා පරීක්ෂණවලට පරීක්ෂණ වලට ලක් කිරීම වැදගත්.
රට විවෘත වන විට රෝගීන් වැඩි වෙනවා. වැඩි වෙන රෝගීන් ප‍්‍රමාණය අල්ලා නොගතහොත් ඉන් වැඩි වෙන රෝගීන් ප‍්‍රමාණය අපට සොයාගන්න බැරි වෙනවා. එසේ වුව හොත් එක පාරටම රට නැවත වහන්න වේවි. ඇත්තටම එය ලොකු කලබගෑනියක් වෙන්න හැකි තත්ත්වයක්.
රට විවෘත කරන විට යම් කාලයක් අපට කොරෝනා සමග තමයි ඉන්න වෙන්නේ. රට අරින්න සියයට සීයක් ම වෛරසය අවසන් කරනතුරු ඉන්න බැහැ. කොරෝනා තියෙන ගමන් රටේ ජන ජීවිතයත් ආරම්භ කරන්න වෙනවා. මෙය චැලේන්ජ් එකක්. මෙම අභියෝගයට යන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනතාවගෙන් විය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ජනතාවගෙන් කරගත යුතු කොටස කරගන්න නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විය යුතු කොටස ඉටු කරලා තියෙන්න ඕනෑ.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කඩාකප්පල්කාරීන් සමග එය කරන්න බොහොම අමාරුයි. මෙම අය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් හරියාකාරයෙන් කටයුතු නොකරන්නේ නම් මේ වැඬේ කරගෙන යන්න අමාරුයි.
ඇත්තටම මේ මොහොතේ රට ලෙඩ වෙලා තිබෙන්නේ. අපි යම් පුද්ගලයකු රෝගීවූ පසු මොකද කරන්නේ… අන්න ඒ ක‍්‍රමයම තමයි රට ලෙඩ වෙලා තියෙන මොහොතේ දී කළ යුතුව ඇත්තේ. පළමු රටේ රෝගී භාවය පිළිබඳ නිසි විනිශ්චයක් කරගන්න ඕනෑ. එසේ කිරීමට නම් රෝගය විසිර ඇති ආකාරය නිසි ආකාරයෙන් ම දැනගන්න ඕනෑ.
ඒ සඳහා නිවැරදි දත්ත අවශ්‍ය වෙනවා. ඒවා හරියාකාරව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. නමුත් අමාත්‍යාංශයෙන් එම තොරතුරු හරියාකාරව නිවැරදි තැන්වලට එන්නේ නැහැ. එසේ වූ පසු නිසියාකාරයෙන් රෝගය විනිශ්චය කරන්න වෙන්නේ නැහැ. මින් පීඩාවට පත් වන්නේ ජනතාවයි.
මේ නිසා පරීක්ෂණ හරියාකාරව සිදු කර නිවැරදි තොරතුරු රටට දෙන්න ඕනෑ. එසේ නොවුණහොත් ‘පොකුරු’ සහ ආසාදිතයින් වැඩි වී රටට දරාගන්න බැරි වේවි.
අපි රට විවෘත කරන්නේ නැවත සතියකින් වසා වසා දමන නෙවෙයි. ඊළඟ සතියේ තවත් රට විවෘත කරන්න ඕනෑ. එසේ කරන නම් නිසියාකාරයෙන් පරීක්ෂණ කරන්න ඕනෑ. එසේ නොකර රට විවෘත කිරීම නරක තත්ත්වයක් වෙත පාර කැපීමක්.
– දිවයින –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...