මුහුණු පොතෙන්

කෝවිඩ් – 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ.

මෙම එන්ජින් ඉතාම සැහැල්ලු සුළං පෙති වලින් සමන්විත වන අතර ඒවා ගුවන් තොටුපොළක පවතින සාමාන්‍ය  සුළඟින් පවා අනායාසයෙන් ක්‍රියාත්මක වේ. එවන් අවස්ථාවකදී කුඩා කුරුල්ලෙකු නැතහොත් කෘමියකු මෙම ඇන්ජිම ඇතුළට රිංගා ගියද සුළං පෙත්ත ක්‍රියාත්මක වන හෙයින් සතා ඒ ඇතුළතදීම විනාශයට පත්වෙයි. අනතුරුව ඇන්ජිම නරක් වන හෙයින් ගුවන් යානා දිගු කලක් ගාල්කර තබන අවස්ථාවලදී ඒවායේ ඇන්ජිම ආවරණය කරනු ලැබේ. ගුවන් යානයේ ඇන්ජින් දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීමත් මෙම ආවරණයේ තවත් අපේක්ෂාවකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ රටවල් 63 කට අයත් ගමනාන්ත 147 කට පියාසර කරයි. එහෙත් කොවිඩ් – 19 වසංගත රෝග තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර සම්බන්ධිත ගුවන් සේවාද නතර කර තිබේ. එබැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද සිය යානා ගාල්කර තැබීම හැර විකල්පයක් නැත.

කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහනය සහ බෙහෙත් ප්‍රවාහයන සඳහා ගුවන් යානා කිහිපයක් වරින් වර යොදාගන්නා බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More