කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසා සිටී. පෙර පැවති SARS හා සැසඳීමේදී කොරෝනා වෛරසය මැඩපැවැත්වීම ඉතා අසීරු බවත්, එය උණ වැනි ඍතුමය රෝගයක් බවට පත් විය හැකි බවත් ඔවුන් පවසා තිබේ.
කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේදී පවතින ප්‍රධාන දුෂ්කරතාවයක් වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන වෛරස් වාහකයින් විශාල ප්‍රමාණයක් දක්නට ලැබීමයි. ඔවුන් නිරෝගී පුද්ගලයන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමේ අපහසුතාවය නිසා රෝගය පැතිරීමට එම වාහකයන්ගෙන් සිදුවන දායකත්වය ඉතා වැඩිවේ.
SARS හිදී සියලු ආසාදිතයන් බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර ඔවුන් හුදකලා කිරීම මගින් රෝගය පැතිරීම මැඩ පවත්වන ලදී. දැනට කොරෝනා වසංගතය පාලනය කර ඇති යැයි සැලකෙන චීනය තුළ ද දිනකට රෝග වාහකයන් 10-12 ප්‍රමාණයක් තවමත් හමුවේ. මීට පෙර අවස්ථාවක ද COVID19 ඍතුමය රෝගයක් බවට පත් විය හැකි බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මික හා බෝ වන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂක Anthony Fauci පවසා ඇත.
ලොව සියළුම පාහේ රටවල් දැඩි නිරෝධායන ක්‍රියාවලියකට යොමු වීමෙන් පසුවද මෙම වෛරසය මර්දනයට අපොහොසත්වීම කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ අපහසුතාවය පෙන්වා දෙන බව විද්‍යාඥයන් පවසා ඇත.
මූලාශ්‍ර – new.mail.ru
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...