වර්තමාන වසංගත තත්වය යටතේ රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතියට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක්ද පවත්වා ගතයුතු බව ඌව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජයන්තලාල් රත්නසේකර මහතා පවසයි.
මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ජයන්තලාල් රත්නසේකර මහතා මේ බව අවධාරණය කර ඇත.
‘‘ වර්තමාන වසංගත තත තත්වය යටතේ රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතියට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක්ද පවත්වා ගතයුතුයි . ‘‘ස්වයං විනය සහ ස්වයං පාලනය‘‘ යන සංකල්ප අන්‍යෝන්‍ය වශයෙන් යොදාගනු ලබන අතර, ඉන් අදහස් කෙරෙන්නේ තමන්ට තමන්ව පාලනය කරගැනීමට ඇති හැකියාවයි. ඒ සඳහා ඇති ශක්තියයි. මෙම වසංගත තත්වය හමුවේ, සෞඛ්‍ය උපදෙස්වලට ගැලපෙන ස්වයං නීති රීති මාලාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන්නේය. මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අප විසින් අකුරටම පිළිපැදිය යුතු වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. කොරෝනා ආසාධිතයෙකු බවට පත්වීමෙන් වැලකී සඳහා හැකි උපරිම උත්සාහයක් දැරිය යුත්තේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. මේ අවස්ථාවේදී, ස්වයං පාලනයක්, ස්වයං විනයක් අවශ්‍ය වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය.‘‘
සම්පූර්ණ ලිපියට මෙතනින් පිවිසෙන්න – Andiri Neethiyata Amatharawa Swayan Winayakda Awasyayi by JLR
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...