ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද (29) වනවිට තිස් එක්ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබේ.
වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව දෙලක්ෂ දාහත්දහසකට අධිකයි.
මේ අතර ඊයේ (28) දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි.
ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට දැක්වෙන්නේ දස ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට පහක් ලෙසයි.
ඊයේ දිනය තුළදී එරටින් වාර්තාවූ මරණ 2,470 සමග සමස්ත මරණ සංඛ්‍යාව 59,266 දක්වා ඉහළ ගියේය.
පසුගිය දින 18 තුළදී අමෙරිකාවේ ආසාදිතයන් ගණන දෙගුණ වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 30ක්ම වාර්තා වන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන්.
ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ ලොව පළමු මෙන්ම එකම රට බවට පත්වී ඇති පසුබිමක අමෙරිකාවේ ආර්ථිකය යළි විවෘත කිරීම සඳහා ජාතික හා ප්‍රාන්ත නායකයන් දරන උත්සහය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.
ඉතාලියද ඊයේ ආසාදිතයන් දෙලක්ෂයේ සීමාව පසු කළේ සමස්ත ආසාදිතයන් 201,505ක් වාර්තා කරමින්.
ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ 382ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 27,359 දක්වා ඉහළ ගියේය.
ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,822 දක්වා ඉහළ දමමින් ඊයේ අලුතින් මරණ 301ක් වාර්තා විය.
සමස්ත ආසාදිතයන් ගණන 232,128ක්.
ප්‍රංශයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,660 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 367ක් වාර්තා විය.
එක්සත් රාජධානියෙන් ගත වූ පැය 24 තුළදී මරණ 586ක් වාර්තා වී තිබේ.
ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 21,678 දක්වා ඉහළ යයි.
මේ අතර ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා විය.
ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 5063 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 72,800කට අධිකයි.
එරට ආසාදිතයන් ගණනද ඊයේ දිනය තුළදී 6398කින් ඉහළ ගොස් තිබුණි.
රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්.
එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ.
මෙවන් පසුබිමක් තුළ වැඩ නොකරන කාලසීමාව මැයි 11 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබුණි.
ඉන්දියාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 69ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 1008 දක්වා ඉහළ ගියේය.
හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 31,360ක්.
මේ අතර චීනයෙන් ගෙන්වන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව අඩු මට්ටමක පවතින බව පවසමින් එම පරීක්ෂණ කට්ටල භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කළේය.
ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් චීනය පවසන්නේ ඉන්දියාවෙන් එල්ලවන චෝදනාව වගකීම් විරහිත බවයි.
සිංගප්පූරුවෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 528 සමග සමස්ත ආසාදිතයන් ගණන 14,951 දක්වා ඉහළ ගියේය.
වාර්තා වන මරණ සංඛ්‍යාව 14ක්.
කෙසේ වෙතත් කොවිඩ් වෛරස ආසාදිත සංක්‍රමණික සේවකයන් සංඛ්‍යාව නිල වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරීන් පවසයි.
වසංගතය සීඝ්රයෙන් රට තුළ පැතිර යාම ආරම්භ වීමත් සමග පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර, රෝග ලක්ෂණ සහිත බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ නේවාසිකාගාර තුළම හුදෙකළා කර ඇති නමුත් ඔවුන් අතර සිටින ආසාදිතයන් නිල ආසාදිත ලැයිස්තුවට ඇතුළත් කර නොතිබීම ඊට හේතුවයි.
වෛරසය මුල් වරට හඳුනාගත් චීනයෙන් ඊයේ දිනයේදී නව ආසාදිතයන් විසි දෙදෙනෙක් හඳුනාගෙන තිබුණි.
කොවිඩ් වෛරස වසංගතයත් සමග ළමුන්ට සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම මගහැරීම නිසා දකුණු ආසියාතික රටවල්වලට තවත් මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජගත් සංවිධානය අනතුරු අඟවයි.
රටවල් අකර්මණ්‍ය කිරීමෙන් දකුණු ආසියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපෑම් එල්ලවී ඇති පසුබිමක බොහෝ මව්පියන්, තම දරුවන් එන්නත් ලබාදීම සඳහා වෛද්‍යවරුන් වෙත රැගෙන යෑමෙන් වැළකී සිටින බවද එම සංවිධානය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...