විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද එම නියෝගය නිකුත් කල බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී මහජන පීඩාවන් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබේ.
අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වේ.
ඒ පිළිබඳ නඩු විභාගය ජුනි මස 12 වනදා නැවත කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...