අප්‍රේල් 04 දා සිට මෙ රට ලියුම් බෙදීම අරඹන්නේ, ලියුම් බෙදීම මේ මොහොතේ මෙරට ප්‍රධාන වුවමනාව බව ඔබ තේරුම් ගෙන සිටින නිසා ද ? පාරිභෝගික භාණ්ඩ රටේ ජනතාව අතර හරි හැටි බෙදා ගත නොහැකිව සිටියදී! ගොවීන් ගේ නිෂ්පාදන භාණ්ඩ හරිහැටි වෙළෙඳ පොළට සපයා ගත නො හැකිව සිටියදී!
රජයේ ආයතන සඳහා, සේවකයන් හරිහැටි කැඳවා ගත නො හැකිව සිටියදී! රටේ දුම්රියයන් ධාවනයට යොදා ගත නො හැකිව සිටියදී!
ඇයි මේ ලියුම් බෙදීම තකහනියෙ අරඹන්න යන්නෙ?
ලියුම්, රටක ප්‍රධාන ජන වුවමනාවක් ද? ලියුම් ආහාරයක් ද?
ඔබට එල්ල නො වන, මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වන, වහා මැතිවරණය තබමු යන, හරි අධ්‍යාපනයක් නො ලත් පොදු පෙරමුණු වාදීන් ගේ වැරදි ඉල්ලීමට ඉඩ දෙන්නද ඔබේ මේ සූදානම? ඔබත්, ඔබට ලැබිය යුතු ලිපි නො ලැබ, බලවත් අපහසුවකට ලක්ව සිටින්නේ ද?
තැපෑල අරඹන්නේ, පාරිභෝගික භාණ්ඩ රටේ ගෙයින් ගෙට බෙදන්නට නම්, එහි අරුතක් තිබේ. තැපෑල අරඹන්නේ, ගොවීන් ගේ නිෂ්පාදන එකතු කර, ගම් නියම්ගම් කරා බෙදා හරින්නට නම්, එහි යහපත් අරුතක් තිබේ. එහෙත් ලියුම් බෙදන්නට!
ඔබ මේ ඉඩ දෙන්නට යන්නේ, මැතිවරණයක් තබමුයි මහින්ද රාජපක්ෂ මහතාට බලකරන, ඔහු වටකරගෙන සිටින නූගතුන් පිරිස සනසන්නට බව, රටේ ජේෂ්ඨ වැඩිහිටි බොහෝ පිරිසක ගේ මතයය.මහා සංඝයා වහන්සේලා, කතෝලික සභා නායකයන්, සාමාන්‍ය ජනතාව, වෛද්‍යවරු, ගුරුවරු, විශාල පිරිසක්, මේ මොහොතේ කොරෝනා වෛරසය රටන් පළවා හරින්නට මුල් තැන දී, ටික කාලයක්,අඩු වශයෙන් වසර දෙකක්, ඔබේ නූතන නායකත්ව විලාශය පවත්වාගෙන යන ලෙස බලවත්ව ඉල්ලා සිටියදී, ඔබ මේ සැරසෙන්නේ කාගේ, කුමන, වුවමනා සපුරා දෙන්නට ද?
තැපෑල අරඹා, මැතිවරණ ලේඛන බෙදා ඡන්දය ඉල්ලන සුළු පිරිස සතුටු කරන්නට ඔබ ක්‍රියා කරන බව අපට පෙනේ. ඔබේ අගමැති සහෝදරයා ගේ බලපෑම ප්‍රතික්ෂේප කරගත නො හැකිව ඔබ ගිරයකට හසුවූ පුවකයක තත්ත්වයට පත්ව සිටින්නේද?
ජනාධිපති වරයාණෙනි, තැපැල් බෙදීම ඇරඹූ වහාම, වෛරසය ගම් නියම්ගම් පුරා කඩිනමින් පැතිර යනු ඇත. ලිපි කවර, තැපැල් භාණ්ඩ හොඳම වෛරස වාහකයන් වෙනු නිසැකය. තැපැල් කරු, ඔහුගේ බයිසිකලය, ඔහුගේ අතැඟිලි( අත් වැසුම් කොතෙක් යෙදුවත්) ඔහුගේ බෑග් මඩිස්සල, ප්‍රබල වෛරස වාහක වෙනු ඇත. කරුණාකර ඉදිරි පැය ගණන තුළ තනිව මෙනෙහි කර බලන්න. ඉදිරි දින 14 රටම වසා තබන ලෙස වෛද්‍ය සංගමය ඉල්ලා සිටියදී, ඔබ රටේ ලියුම් බෙදීමට මුල්තැන දෙන්නට යන්නේය.
රටට පාලකයෙකු ගේ රාජ්‍ය තාන්ත්‍රික බව වැටහෙන්නේ අසීරු අවස්ථාවල ඔහු ගන්නා තීරණ අනුවය. හමුදා සේවයේ සිටියදී ඔබ ඒ බව හොඳටම සාක්ෂාත් කර ගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...