පසුගිය මාස 03ක කාලයේ දී නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් ප‍්‍රමාණය වියට්නාම යුද්ධයේදී මියගිය අමෙරිකානුවන් ගණන ද ඉක්මා ගොස් ඇති බව හෙළිව තිබේ.
එරට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව වසර 10ක් පුරා පැවැති වියට්නාම යුද්ධයේදී මියගොස් ඇති අමෙරිකානුවන් ගණන 58,220 වේ එහෙත්, ගතවූ දින 82ක කාලයේ දී නව කොරෝනා වෛරසය හේතුවෙන් පමණක් අමෙරිකාවේ පුද්ගලයින් 58,365දෙනකු මියගොස් තිබේ.
අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ගත වූ දින 18ක කාලයේ දී දෙගුණ වී ඇති අතර, එම සංඛ්‍යාව ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණනින් තුනෙන් එකක් ලෙස සැලකිය හැකියි.
වියට්නාම යුද්ධය 1955 සිට 1975 දක්වා පුරා වසර 20 පැවතියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...