ව්‍යාපාරික පුවත්

‘කොවිඞ් -19’ වසංගයේ අහිතකර බලපෑම් හේතුවෙන් මේ වසරේ (2020) ආර්ථික වර්ධනය ගිය වසරේ වාර්තා කළ සියයට 2.3 සිට සියයට 1.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙසේ පෙර පැවැති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, ‘කොවිඞ්-19’ වසංගතය මේ වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි පෙරේදා (28 දා) ශ‍්‍රී ලංක මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2019) දැක්වෙයි.

ගිය වසරේ (2019) ආර්ථික වර්ධනය ද 2018 වසරේ වාර්තා කළ සියයට 3.3 සිට සියයට 2.3 දක්වා අඩු වී තිබේ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ග, එහි පැතිරීම මැ`ඩපැවැත්වීමට උපකාරීවුවද, එමගින් දේශීය ආර්ථික ක‍්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බව ද එහි සඳහන් වෙයි.

මහජනතාව සඳහා නිවාඩු ප‍්‍රකාශයට පත්කිරීම, ඇඳිරිනීතිය පැනවීම, මහජන සේවා සීමිතව පවත්වාගෙන යෑම සහ ගුවන්තොටුපළ සහ වරාය වසා දැමීම වැනි මගීන්ගේ ගමනාගමනය සීමා කිරීමට ගනු ලැබූ වෙනත් ක‍්‍රියාමාර්ග මගින් ප‍්‍රධාන ආර්ථික අංශ කිහිපයකට බලපෑම් ඇති කරනු ඇත.

සමාජයේ විශාල කොටසකට ආදායම් හා ජීවනෝපායන් අහිමිවීම සමග ඇති විය හැකි සමාජ – ආර්ථික බලපෑම ද ඉහළ යා හැකිය. ආසන්න වශයෙන් සේවා නියුක්ත පුද්ගලයින්ගෙන් සියයට 60ක් පමණ රැුකියා කිරීම සහ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බැවින්, විශාල පුද්ගල සංඛ්‍යාවක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ තිබෙන බවද එහි සඳහන් වෙයි.

නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

ජනගහනයේ අනෙකුත් අවදානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසක් මෙම තත්ත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්වීමට ඉඩ ඇත.

ගෝලීය ආර්ථිකය 1930 දශකයේ ඇති වූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම පසුබෑමට මුහුණ දෙමින් සිටියි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය කලාපය සහ ජපානය වැනි බොහෝ දියුණු ආර්ථිකයන් 2020 දී සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More