පුරවැසි කොලම


වං පඕ-අන් ( Wang Baoen) මහාචාර්යතුමා කරපු හපන්කමක් මේ කියන්න හදන කතාවට අදාළයි. චීන භාෂාවේ an සහ en කියන ශබ්ද දෙක සිංහල භාෂාවෙන් ලියන්න තියෙන්නේ එක විදිහයි. ඒ තමයි “අන්” කියන ක්‍රමය. ඒකට හේතුව අපි දන්නවා. සිංහල භාෂාවේ “අ” අකුර ආකාර කීපයකින් ශබ්ද වෙනවා. අපි “අපි” කියලා කියද්දි “අ” අකුර ශබ්ද කරන විදිහට තමයි චීන භාෂාවේ an (අන්) ශබ්දයේ “අ” හඬ උච්චාරණය කරන්න ඕන. ඉංග්‍රීසියෙන් A word කියන යෙදුමේ A අකුර ශබ්ද කරන විදිහට තමයි චීන භාෂාවේ en (අන්) ශබ්දයේ “අ” හඬ උච්චාරණය කරන්න ඕන. ඉතින් පඕ-අන් කියන මේ නමේ අග කොටස ඒ විදිහට කිව්වාම හරි.

1926 අවුරුද්දේ පෙබරවාරි මාසයේ ඉපැදිච්ච වං පඕ-අන් වයස අවුරුදු 22 ක් වෙද්දි – ඒ කියන්නේ 1948 අවුරුද්ද වෙද්දි; බටහිර වෛද්‍යවරයෙක් බවට පත්වුනා. එතුමා වෛද්‍ය උපාධිය ලබාගත්තේ පීකිං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. එයින් අවුරුදු හතරකට පස්සේ (ඒ කියන්නේ, 1952 දී) එතුමා පෙයි-චිං මිත්‍රත්ව රෝහලේ භෞත චිකිත්සක අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත්වුනා. ඊට පස්සේ කාලය ගත වෙද්දි එතුමා ඒ අංශයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය පීඨයේ පීඨාධිපතිකමත් ඒ වගේ තනතුරු මහ ගොඩකුත් දැරුවා. 1978 වෙද්දි එතුමා පෙයි-චිං නගරයේ තියෙන අගනුවර වෛද්‍ය විද්‍යාලයේ භෞත චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයා බවටත් අද වෙද්දි චීනයේ මහා වෛද්‍යවරු බවට පත්වෙලා ඉන්න අයගේ ආචාර්ය උපාධි ගුරුවරයා බවටත් පත්වුනා. 1980 අවුරුද්දේ ඉඳලා ඇමෙරිකා ජනපද සංගමයේ මේරිලන්ත ජනපදයේ තියෙන ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයේ (Johns Hopkins School of Medicine) මහාචාරයවරයෙක් විදිහටත් වැඩ කළා.

ඉතින් මේ ඔක්කොම කරුණු සැළකුවාම වං පඕ-අන් මහාචාර්යතුමා බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ කෙළ පැමිණි පුද්ගලයෙක් බව පැහැදිළියි. ඒ වුනත් මෙතුමා කරපු තවත් වැඩක් තිබුණා. ඒ තමයි වෛද්‍ය උපාධිය ලබාගත්තාට පස්සේ එක දිගට ම චීන වෙදකම ඉගෙන ගැනීම සහ ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම. ඉතින් එතුමා චීන වෙදකම පිළිබඳ විශේෂඥයෙක් බවටත් පත්වුනා.

චීන වෙදකමටත් බැහැලා හිටියා කියලා එතුමාට චීනයේ බටහිර වෛද්‍යවරුන් අතර තිබුණු පිළිගැනීම නැතිවුනේ නෑ. ඉතින් චීනයේ බටහිර වෛද්‍යවරු හැම දෙනාම වගේ සම්බන්ධ වෙලා ඉන්න චීන වෛද්‍ය සංගමයේ ගෞරව අධ්‍යක්‍ෂ තනතුරත් එතුමාට ලැබිලා තිබුණා. අක්මා රෝග අධ්‍යයනය පිළිබඳ අධ්‍යයන ආයතනයේ ගරු සභාපති ධූරයත්, අක්මා රෝග පිළිබඳ චීන ජර්නලයේ ගෞරව කර්තෘ තනතුරත්, ආමාශ ආශ්‍රිත රෝග පිළිබඳ අධ්‍යයනය (Hepatology) පිළිබඳ ජාත්‍යන්තර ආයතනය වැනි බොහෝ සංවිධානවල පර්යේෂකයෙක් සහ සාමාජිකයෙක් වශයෙනුත් එතුමා කටයුතු කළා.

පර්යේෂණ පත්‍රිකා සිය ගණනක්, වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ පොත් විශාල ප්‍රමාණයක් ලියා පළ කරලා තියෙන වං පඕ-අන් මහාචාර්යතුමා නිරන්තරයෙන් ම සම්මානවලින් පිදුම් ලබලාත් තියෙනවා. නිදන්ගත අක්මා රෝග සුව කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම එතුමා කළ කටයුතු අතර ඉදිරියෙන් ම තියෙනවා.

මේ ලෙඩ ගැන කියන්න තරම් දැනුමක් මට නෑ. දන්න කියන අයට ෆයිබ්‍රෝසිස් ( Fibrosis) කියන ලෙඩේ ගැන හොයලා බලන්න පුළුවන්. මේ හඳුන්වා දීමට අදාළ විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේකට අදාළ දැනුම එතුමා ලබා ‍ගෙන තියෙන්නේ සාම්ප්‍රදායික චීන වෙදකමින් වීම.

හෙළ වෙදකම හා සබැඳි පුවත් –

කොරෝනා වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට අවශ්‍යය ඖෂධ සහ ප්‍රතිපාදන ජනවාරි 28 වන විටත් සූදානම් කර තිබුනා- ආයුර්වේද කොමසාරිස්

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More