කුරුණෑගල ශික්ෂණ රෝහළේ වෛද්‍යවරුන් තිදෙනෙකු කුරුණෑගල වෙලන්ගොල්ලවත්ත ප්‍රදේශයේ නිවසක රැදවීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා දැඩි විරෝධය පළකර තිබේ.අදාල නිවස විපක්ෂයෙ දේශපාලඥයෙක් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලබාදී ඇත්තේ හදිසි අවශ්‍යතා සඳහා භාවිත කිරීමටයි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නිවසේ නිරෝධායන කටයුත්තක් සිදුවන බවයි.නමුත් මෙම ප්‍රදේශයේ අධික ජනගහනයක් පවතින නිසා මෙවැනි කටයුත්තක් සඳහා මෙම ප්‍රදේශය තෝරා ගැනීම ප්‍රදේශයේ ජනතාවට සිදුකරන අසාධාරණයක් බව ඔහු කියා සිටී.එමෙන්ම කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස තමන් මෙය මේ ප්‍රදේශයෙන් ඉවත්කරගන්නා ලෙසට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ඔහු ප්‍රකාශ කළේය.ප්‍රදේශවාසීන් පවසා සිටියේ මෙහිදී ප්‍රශ්නයක් උවහොත් එය තම දරුවන්ට සහ තමන්ට එක ජීවිත අවදානමක් බවයි.එමෙන්ම මෙම නිවස එම වෛද්‍යවරුන්ට ලබාදීමට ඔවුන් විරුද්ධ වන බවද කියා සිටී.
කෙසේ නමුත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ විපක්ෂ දේශපාලඥයෙකුගෙන් රෝහලට පරිත්‍යාගයක් ලැබුණු බවත්,දේශපානය රෝහලට අන්වශ්‍ය බවත් ය.එමෙන්ම මෙය නිරෝධායන කටයුත්තක් සදහා නොව වෛද්‍යවරුන්ට නේවාසික පහසුකම් ලබාදීම සඳහා භාවිතාකිරීමක් බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කියා සිටී.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම කටයුත්ත නතර කරන ලෙසට නගරාධිපතිවරයා තමන්ට තර්ජනය කළ බවයි.නමුත් තමන් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයට අනුව බව ඔහු කියා සිටී.එසේම වෛද්‍යවරයා කියා සිටියේ දේශපාලන හේතුමත නගරාධිපතිවරයා එම වෛද්‍යවරුන් එම ස්ථානයෙන් එළවීමට කටයුතු කරන්නෙනම් වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වීමට කටයුතු කරනු ඇති බවයි.එවිට එහි වඟකීම ගන්නේ කවුරුන්ද යන්න රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රශ්න කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...