විදේශ පුවත්

රුසියානු අගමැති මිහයිල් මිචෙස්ටින් (Mikhail Mishustin) හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ. බ්‍රහස්පතින්දා දින රුසියානු ජාතික නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර ජනපති ව්ලැදිමීර් පුටින් සමග වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධ වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

පළමු නියෝජ්‍ය ඇමති Andrey Belousor, අගමැති සුවය ලබන තෙක්, රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති බව රුසියානු වාර්තා සඳහන් කරයි. අගමැති නොමැති කාලය තුළ කිසිදු වැදගත් තීරණයක් නොගන්නා බවට මාධ්‍ය සාකච්ඡාව අතරතුර ජනපති ව්ලැදිමීර් පුටින් සහතික විය. මෙයට පිළිතුර දෙමින් අගමැති පැවසුවේ, වීඩියෝ සම්මන්ත්‍රණ හරහා සම්බන්ධ වෙමින් සක්‍රීයව රජයට පවතින වැඩකටයුතු වලට තම සහයෝගය ලබාදෙන බවයි. ඔහු තවදුරටත් අදහස් දක්වමින්, රුසියාවේ ප්‍රධාන සැමරුම් 2ක් වන, කම්කරු දින සැමරුම හා දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය සැමරීම- මැයි 9 වන දින, නිවෙස් තුළටම වී සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ රුසියානු නියෝජිත Dr. Melita Vujnovic   රුසියාව තුළ කොරෝනා පැතිරීමේ තත්ත්වය යහපත් අතට වර්ධනය වුවහොත්, දැනට පවතින සීමාකිරීම් අර්ධ ලෙස ලිහිල් කළ හැකි බව පවසා තිබේ. කෙසේවෙතත් නවතම දත්ත වල වැඩිවීමක් පෙන්නුම් කරන නිසා මෙම තත්ත්වය අවිනිශ්චිත විය හැකි බව කියැවේ. පසුගිය දින දහය තුළ කොරෝනා පැතිරීමේ වර්ධන වේගයෙහි අඩුවීමක් දක්නට ලැබුණු බවත්, ඉදිරි සති දෙක තුළ ද මෙලෙස නව රෝගීන් වාර්තාවීමේ පහළ යාමක් දක්නට ලැබුණ හොත් ඉක්මනින් සීමා ලිහිල් කළ හැකි බව ඇය තවදුරටත් පවසා සිටියාය.

කෙසේ වෙතත් දැනට පනවා ඇති සීමාකිරීම් ලිහිල් කිරීමට රුසියානු රජය ඉක්මන් නොවන බව ජනාධිපති ප්‍රකාශක Dmitry Peskov රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අවධාරණය කර සිටියේය. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මාධ්‍ය හමුවක් පවත්වමින්, රටේ ස්වයං හුදෙකලා කිරීමේ යාන්ත්‍රණය (self isolation regime) මැයි 11 දක්වා දීර්ඝ කරන බව දැනුම් දුන් අතර, සීමාකිරීම් ලිහිල් කිරීමේ සැලසුම් සකස් කිරීම සඳහා රජයට සතියක කාලයක් ලබා දී ඇත.

මූලාශ්‍ර
www.rt.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More