ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට(01) යෙදී තිබේ.
තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි.
ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරෙයි.
කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය පක්ෂයේ මැයි දින සැමරුම් උත්සව සංවිධානය කිරීම සිදු නොකරන බවයි.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ අතර වැඩකරන ජනතාව මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීම මෙවර මැයි දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂාව බව ගාමිණි ලොකුගේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින රැලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...