ලෝකයේ වැඩ කරන ජනතාවගේ ඓතිහාසික දිනය වූ මැයි දිනය අදට යෙදී ඇත. එහෙත් කොරෝනා වසංගතය නිසා කිසිඳු රටකට මැයි දිනය සැමරීමට නොහැකි වී තිබේ. මෙම කොරෝනා වසංගතය නොතිබුණේ නම් ලොව පුරා සමරන්නේ 134 වැනි මැයි දිනයයි.
එහෙත් මේ වසංගතයට ලොව පුරා රටවල වැඩ කරන ජනතාව මෙන්ම වෘත්තීය සමිති නායකයන් රැුසක් ගොදුරු වී ඇත. ඉතාලියේ පමණක් වෘත්තීය සමිති නායකයන් 37 දෙනකු මරුමුවට පත් වී ඇත. ශී‍්‍ර ලංකාවේ මුල්ම මැයි දින සැමරුම සිදුවූයේ 1932 වසරේ මැයි 1 වැනිදායි. ශී‍්‍ර ලංකා කම්කරු ව්‍යාපාරයේ ප‍්‍රධානියකු වූ ඒ.ඊ. ගුණසිංහගේ ප‍්‍රධානත්වයෙන් එවකට වික්ටෝරියා උද්‍යානය ලෙස හඳුන්වනු ලැබූ විහාරමහාදේවි උද්‍යානයේදී එම සැමරුම පැවැත්විණි. මැයි දිනය ජාතික නිවාඩු දිනයක් වූයේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ රජයෙනි. එදා කම්කරු ඇමැති වූයේ ටී.බී. ඉලංගරත්න මහතාය.
මේ අනගි ඉතිහාසය අමතක නොකළ යුතුය. එහෙත් මෙරට ඇතැම් දේශපාලන පක්‍ෂ කම්කරු ජනතාව අමතක කර ඇත. එ.ජා.ප. ආණ්ඩුව විසින් වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කළ ලක්‍ෂයකට අධික රජයේ සේවකයෝ සේවයෙන් නෙරපා හරිනු ලැබූහ. එසේම ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ මැයි දින සැමරුම තහනම් කෙරිණි. එම තහනම නොතකා ලංකා සමසමාජ පක්‍ෂය කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සිය පක්‍ෂ මූලස්ථානය ඉදිරියේ මැයි දින රැස්වීමක් පැවැත්වීය. යූ. එන්. පී. රජය සේවයෙන් පහකළ කම්කරුවන්ගෙන් රැසක් ජීවත්වීමට නොහැකිව දිවි නසාගත්හ. මේ කටුක අතීතය මෙරට ජනතාවට අමතක කළ හැකිද? මැයි දිනයේ අතීතය ද අතිශයින්ම බියකරුය.
1886 මැයි 4 දා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටේ වැඩමුරය ඉල්ලා කි‍්‍රයාත්මක කළ හේමාකට් අරගලය මැයි දිනය බවට පත්විය. චිකාගෝ කම්කරුවන්ගේ වැඩ වර්ජනය මර්දනය කිරීමට එදා ධනපති පාලකයෝ පොලිසිය යෙදවූහ. එවන් සිදුවීම් මෙරට ද සිදුවී ඇත. චිකාගෝ පොලිසිය සිදුකළ වෙඩි තැබීම්වලින් චිකාගෝ මාර්ගයේ ලේ ගලා ගියේය.
මෙම වර්ජනය මෙහෙය වූයේ ඕගස්ට් ස්පයිස් කාටර් ගැරිසන් ඇල්බට්, ජෝන් බෙක්ටිල් සහ සැමුවෙල් හිල්වන් යන වෘත්තීය සමිති නායකයන් විසිනි. චිකාගෝ පොලිසිය කළ වෙඩි තැබීම්වලින් 11 දෙනෙක් ඝාතනය වූහ. තවත් 130 දෙනකුට අධික පිරිසක් තුවාල ලැබූහ. 100දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් අයගෙන් පිරිසකට බෝම්බ නිපදවීමේ බොරු චෝදනා එල්ල කිරීමට පොලිසිය කි‍්‍රයා කළේය. මින් අටදෙනෙක් රජයට එරෙහිව කුමන්ත‍්‍රණය කිරීම ගැන වරදකරුවෝ වූහ.
එදා පොලිසිය, ධනපති පංතිය සහ අධිකරණය එක්ව කි‍්‍රයා කළහ. අධිකරණය විසින් 7 දෙනකුට මරණ දඬුවම නියම විය. තවත් 15 දෙනකුට වසර 15ක සිර දඬුවම් නියම විය. මරණ දඬුවම නියමවූවෙක් සිර ගෙදර දී දිවි නසා ගත්තේය. එල්ලා මරා දැමීමට නියමිත වූවන්ගෙන් දෙදෙනකුට ඉලිනොයිස් ආණ්ඩුකාරයා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. 1887 නොවැම්බර් 11 වැනිදා මරණ දඬුවම් නියම වූ සිව්දෙනෙක් එල්ලා මරා දමනු ලැබූහ.
1883 වසරේදී ඉලිනොයිස් ආණ්ඩුකාර ජෝන් පීටර් වැඩ වර්ජනය මෙහෙයවූ කම්කරු නායකයන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාගය දැඩි විවේචනයට ලක්කර සිර දඬුවම් නියම වී සිටි පිරිසට සමාව දුන්නේය. එදා හේමාකට් සිද්ධිය පසුව ජාත්‍යන්තර මැයි දිනය බවට පත්විය.
වසර 134කට පෙර චිකාගෝ කම්කරුවන් ලේ හැලූ ස්ථානය 1992 දී ඓතිහාසික කේන්ද්‍රස්ථානය විය. එම ස්ථානයේ ස්මාරකයක් ද ඉදිකෙරිණි. මේ අතර වසර ගණනකට පසු හේමාකට් සිද්ධිය පිළිබඳව පොලිසිය කි‍්‍රයාකළ ආකාරය හෙළිවිය. පොලිසිය අධිකරණය හමුවට බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කර තිබූ බව ද අනාවරණය විය. පැය අටේ වැඩමුරය පිළිගැනීමට ලොව සියලූම රටවල්වලට ද සිදුවිය. එහෙත් අදටත් රටවල් රැුසක් දැඩි කම්කරු මර්දන නීති රීති කි‍්‍රයාත්මක කරන බව වාර්තා වී ඇත.
ආජන්ටිනා රටේ බලය අල්ලාගත් මිදෙලා නමැති හමුදා පාලකයා කම්කරු ජනතාව දැඩි ලෙස මර්දනය කළේය. එම පිළිවෙතට චිලියේ පිනොඬේ නමැති හමුදා පාලකයා ද වෘත්තීය සමිති නායකයන් ඝාතනය කරමින් කම්කරු ජනතාවට එරෙහි විය. චිලියේ පමණක් වෘත්තීය සමිති නායකයන් 47 දෙනකු අතුරුදන් වී තිබේ.
මෙරට වැඩ වර්ජන කළ කම්කරුවන්ට බයිසිකල් චේන්වලින් පහර දීමේ සිද්ධීන් ද හෙළිවිය. මෙයට වසර ගණනකට පෙර කොළඹ කොටුවේ ටයිම්ස් ගොඩනැගිල්ල ඉදිරියේ වැඩ වර්ජනය කළ කම්කරුවන් පිරිසකට බයිසිකල් චේන්වලින් පහර දෙන අයුරු අපි දුටුවෙමු. ඊට සම්බන්ධ වූයේ රජයට සම්බන්ධ කොළපාට වෘත්තීය සමිතියක පිරිසකි.
වසර 134කට පෙර ඇමරිකානු කම්කරුවන් දිනාගත් මෙම ඓතිහාසික දිනය ශී‍්‍ර ලංකාව තුළ පසුගිය කාලයේ යොදාගනු ලැබුවේ ඒ ඒ පක්‍ෂවල දේශපාලන බලය පෙන්නුම් කිරීමටය. ජීවන බරින් පෙළෙන මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් පසුගිය මැයි රැුලිවල සටන්පාඨ නිර්මාණ වී තිබුණේ නැත. මෙම මැයි රැුලිවලට කම්කරු ජනතාව පැමිණෙන බව පැවසුවත් බස් රථවලින් විශාල ලෙස පැමිණෙන්නේ දේශපාලන ආධාරකරුවන්ය. මෙලෙස පැමිණෙන පිරිස් හේමාකට් සිද්ධිය හෝ දිවි පි¥වන් ගැන පවා දන්නේ නැත.
1956 දී අගමැති බණ්ඩාරනායක මහතා මෙහෙයවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් එකතු වී මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය පවත්වනු ලැබීය. එහෙත් අද මැයි රැුලිවලදී කම්කරු ජනතාව අමතක වී තිබේ.
මේ අතර ලොව කිසිඳු රටක් අද (1* මැයි දින උත්සව පවත්වන බව ප‍්‍රකාශ කර නැත. උතුරු කොරියාව සහ චීනය ද මැයි දින උත්සව පවත්වනු ඇතැයි කිව නොහැකිය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද මැයි දින පැවැත්වීම ගැන මෙතෙක් කිසිදු උපදෙසක් ප‍්‍රකාශයට පත් කර නැත.
මේ පසුබිම මැද මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියමුවන් ද ඓතිහාසික මැයි දිනයට දායකවීම ගැන සිහිපත් කළ යුතුය. ආචාර්ය ඇන්.එම්. පෙරේරා, බර්නාඞ් සොයිසා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කේනමන්, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, අනිල් මුණසිංහ, කේ.පී. සිල්වා, ඞී. ජී. විලියම් ඇතුළු පාර්ශ්ව වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කළහ.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...