විදේශ පුවත්

ලොවපුරා ව්‍යාප්තවී ඇති කොරෝනා වෛරසය මෙම වර්ෂයේ දෙසැම්බර් මස තෙවන සතිය වන විට අවසන් වනු ඇති බව සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකියක් පළ කර සිටිනවා. ඒ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සහ අදාළ රටවල රෝග ව්‍යාප්තිය වී ඇති ආකාරය පදනම් කර ගනිමින්.

මෙම දත්ත විශ්ලේෂණය අනුව ගෝලීය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැයි මස 31 වනදා සිට ක්‍රමයන් අඩු වන අතර එය දෙසැම්බර් තෙවන සතිය වන විට අවසන් වනු ඇති බවට අනාවැකි පළකර ඇත.
සිංගප්පුරුවේ වර්ථමානයේ පවතින කොරෝනා ව්‍යාප්තියේ පාලනයක් මැයි මස 12 වෙනිදා සිට අපේක්ෂා කරන බවත් ජුනි මස අවසානයේදී තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බව සඳහන්.

ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ තත්ත්වය මැයි මස 18 වන විට සීයයට 97ක් පාලනයක් ගනු ඇති අතර එරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට සැප්තැම්බර් අවසන් සතිය දක්වා කාලයක් ගත වෙනු ඇති බව සිංගප්පුරු තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකි පලකර සිටින්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More