ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වූ පළාත් පාලන ආයතන එකසිය පනස්දෙකක (152) සභාපතිවරු සහ මන්ත්‍රීවරු හෙට (20 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරවල දිවුරුම් දෙති.
මෙම දිවුරුම් දීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
නව දේශපාලන සන්ධානයක් ලෙසින් ඉකුත් පෙබරවාරි මස 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 232 ක් ජයග්‍රහණය කළ අතර ඉන් පළාත් පාලන ආයතන 152 ක තනිව බලය පිහිටුවිය හැකි අන්දමට එම පක්ෂයට ජය අත්විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂ නියෝජිතයන්ගෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිවම බලය පිහිටුවිය නොහැකි එහෙත් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ඉදිරියේදී බලය පිහිටුවීම සඳහා අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇතැයිදඑම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...