නව කොරෝනා වෛරසය මේ වනවිට සමස්ත ලෝකයම තම ග්‍රහණයට ගෙන අවසන්ය. මේ වන විට සමස්ත ලෝකයේම ක්‍රියාකාරිත්වය ඇණහිටීමෙන් එය පැහැදිලි වේ. ඇතැම් රටවල් මෙම වෛරස් ව්‍යාප්තිය හොඳින් කළමනාකරණය කරන අතරේ තවත් සමහර රටවල් මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පැමිණ ඇත. විශේෂයෙන්ම ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල්වලට මෙම වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකයට, සමාජ ජිවිතයට දැඩි බලපෑමක් සිදුව ඇත. දිනෙන් දින ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව තුළින් පැහැදිලි වන්නේ මෙම වෛරසය එම රටවල්වලට සිදුකර ඇති සුවිශාල බලපෑමයි. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ මෙම වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට රටවල් 195 කට අධික ප්‍රමාණයක පැතිර ගියේ කෙසේද? සමහර රටවල් මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කර ඇති පසුබිමක තවත් සමහර රටවල් මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට අපොහොසත්ව ඇත්තේ ඇයි? මේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවට හිමි වන්නේ කුමන ස්ථානයක්ද? මෙම ලිපිය හරහා සාකච්ඡා කෙරෙනුයේ එම කරුණු පිළිබඳවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මෙම වසංගත තත්ත්වය පාලනය කළ හැකි තත්ත්වයකි. නමුත් එම පාලනය වීම රඳා පවතින්නේ අදාල බලධාරින් ගනු ලබන තීරණවල ස්වභාවය සහ එලෙස ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන කාලය අනුව වන බව මෙම වෛරසයේ ව්‍යාප්තිය විශ්ලේෂණයේදී පැහැදිලි වේ.
මෙම වෛරස ව්‍යාප්තිය පාලනයට කටයුතු කළ රටවල්, එම රටවල් ගත් ක්‍රියාමාර්ග සහ ඔවුන් ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ප්‍රථමයෙන් විමසා බලමු. දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල් අනෙකුත් රටවල්වලට සාපේක්ෂව මෙම වෛරසය යම් පාලනයකට ලක් කළ බව පෙනේ.
තායිවානයේ පළමු ආසාදිතයා හමුවන්නේ පසුගිය ජනවාරි 21 වන දිනයේදීය. නමුත් ඊයේ (01* වන විටත් තායිවානයෙන් වාර්තා වන්නේ ආසාදිතයින් 429 දෙනෙකුට සහ මරණ 6ක් පමණි. තායිවානයේ අසාදිතයන්ගෙන් 324 දෙනකු සුවය ලබා තිබීම සුවිශේෂී සිදුවීමකි. වූහාන් නගරයෙන් මුලින්ම මෙම රෝගය සොයාගත් දින පටන් තායිවානය එම වෛරසය පාලනය කිරීමට ගතයුතු පියවර ගෙන තිබේ. ඒ සඳහා තායිවානයට පැමිණෙන සංචාරකයන් සහ මගීන් පරික්ෂාවට ලක් කිරීම, ස්වයං නිරෝධායනයේ සිටින පිරිස් අධීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසීම, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය වැනි මූලික ක්‍රියාමාර්ග ගෙන ඇත.
චීනයට පසුව මෙම වෛරසයේ ව්‍යාප්තිය වැඩිම බලපෑමක් සිදු වූ රටක් බවට පත් වූ දකුණු කොරියාව මේ වනවිට එම වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. එරට නව ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබේ. අප්‍රියෙල් 29 වැනිදා දකුණු කොරියාවෙන් කිසිදු අසාදිතයකු වාර්තා නොවීම සුවිශේෂී සිද්ධියකි. වෛරසය පාලනය කිරීම සඳහා, හුදෙකලා කිරීම (ෂිදක්එසදබ* සහ ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයන් පරික්ෂාව (උසාැිචරු්ා ක්‍දබඒජඑ ඔර්ජසබට* වැනි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග ගැනීම හේතු වී ඇත. ඊයේ (01* වන විට දකුණු කොරියාවෙන් වාර්තා වුයේ ආසාදිතයන් 09 දෙනකු හා එක් මරණයක් පමණි.
කැනඩාව ද පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා අතරම ආසාදිතයින් ආශ්‍රීත පුද්ගලයන් පරික්ෂාවටද පියවර ගන්නා ලදී. බොහෝ රටවල්, ශ්‍රී ලංකාවද ඇතුලූව, මෙම වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වේගවත් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ හරහා මෙම වසංගත තත්ත්වයේ සාධනීය පාලනයක් කිරීමට එම රටවල්වලට හැකියාව ලැබී ඇත.
නමුත් ඇතැම් රටවල්වලට මේ වනවිට අත්ව ඇති ඉරණම කණගාටුදායකය. ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය , ජර්මනිය, බි්රතාන්ය වැනි රටවල්වල ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මරණ සංඛ්‍යාවද ද ඒ හා සමානව ඉහළ යමින් පවතී.
ඊයේ (01* දිනය වනවිට මෙම වෛරසය ලොව පුරා පැතිර ඇති ආකාරය සංඛ්‍යාත්මකව දැක්වීම මෙම විශ්ලේෂණය තවදුරටත් පැහැදිලි කරනු ඇත. ලොව පුරා ක්‍දඩසා -19 ආසාදිතයින් ගණන 3,332,661 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 234,408 ලෙස සටහන් වේ.
ඇතැම් රටවල්වල අදාල බලධාරින් මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ ආකාරය විවේචනයට ලක්වන්නේ මෙවන් පසුබිමකය. කෙසේ වුවත් මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට නව කොරෝනා වෛරසය දැඩි බලපෑමක් කර ඇති ප්‍රධාන රටවල් පිළිවෙලින් පහත පරිදිය. ඇමරිකාවට එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිවේ. ඇමරිකාවේ ආසාදිතයින් ගණන 1,095,304 වන අතර මරණ සංඛ්‍යාව 63,871 ලෙස සටහන් වේ. දෙවැනි ස්ථානයේ සිටිනුයේ ස්පාඤ්ඤයයි. එහි ආසාදිතයින් 239,639 වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 24,543 ලෙස දැක්වේ. ඉතාලිය තෙවැනි ස්ථානය ගනී. එරටින් ආසාදිතයින් 205,463 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 27,967 ලෙස සටහන් වේ. ප්‍රංශය, ජර්මනිය සහ බි්රතාන්ය පිළිවෙලින් හතරවන, පස්වන සහ හයවන ස්ථාන ගනී. එම රටවලද ආසාදිතයින් සංඛ්‍යාව 160,000 ඉක්මවා ඇත.
වැදගත්ම කරුණ වන්නේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වල පවතින අඩුලූපාඩුුකම් නිසා තත්ත්වය තවත් දරුණු වීමට හැකියාව පැවැතීමයි. ඉහත සඳහන් කළ ඇතැම් රටවල්වලට මෙම වෛරසය පාලනය කිරීමට අපහසු තත්ත්වයකට පැමිණ ඇත්තේ එනිසා බව පැහැදිලි වන්නේ එවන් පසුබිමකය.
ඉතාලිය චීනය බලා යන ඍජු ගුවන් ගමන් නවතා දැමීමට කටයුතු කළද එමඟින් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාවක් නොලැබුණේ ඉතාලියට ඇතුළු වීමට පවතින ඍජු නොවන ( ෂබාසරුජඑ) මාර්ග විවෘතව පැවති නිසාය. ඉතාලි රජය විවේචනයට ලක්වන තවත් කරුණු කිහිපයක් ඇත. ඒවා නම්, පරික්ෂා කිරීම් සහ නගර වසා දැමීම නියමාකාරයෙන් සිදු නොකිරීම සහ තත්ත්වයේ බරපතල බව සුලූකොට තැකීමයි. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යයාංශයේ අප්‍රමාද ක්‍රියාකලාපයද මෙහිදී විවේචනයට ලක්වේ. ස්පාඤ්ඤ රජය මෙම වෛරස ව්‍යාප්තිය මැඩලීමට දැක්වූ වේගවත් නොවන ප්‍රතිචාරය, එනම් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින පසුබිමක ඒ පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම ද විවේචනයට ලක්වේ. එවන් පසුබිමක ජාත්‍යයන්තර කාන්තා දිනය වෙනුවෙන් පවත්වන ලද පා ගමනක් හේතුවෙන් මෙම විවේචන ඉතා දැඩිවේ.
එක්සත් ජනපද රජය මෙම වෛරස් තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම නිසා දැඩි විවේචනයන්ට ලක්වන්නේ වෛරසය ව්‍යාප්තිය වූ චීනය ද අභිබවා ගොස් නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් සහ වැඩිම බලපෑමක් සිදුවී ඇති රට ලෙස වාර්තා අතරට එක් වීම නිසාය. සෞඛ්‍ය පහසුකම් සහ කරන ලද අවම පරීක්ෂණ සංඛ්‍යාව හේතුවෙනි. එයට අමතරව මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා ට්‍රම්ප් පාලනය ද දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් පවතී.
කෙසේ වුවත්, පාලනයේ ඇතිවන දුර්වලතාවයක් නිසා හෝ වෙනත් අඩුලූහුු`ඩුකමක් නිසා විශාල ජීවිත හානියක් සිදුවිය හැකිය. මෙම වෛරසයට එරෙහි ඖෂධයක් සොයා නොගැනීමත්, මෙම රෝගයේ ස්වභාවය තවමත් අධ්‍යයන මට්ටමේ පැවතීමත් නිසා මෙම තත්ත්වය වඩාත් භයානක වේ.
ලෝකයේ අනෙක් රටවල් මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සාකච්ඡුා කිරීමෙන් සහ ඔවුන් ළඟා කරගෙන ඇති සාර්ථකත්වයන් හෝ අසාර්ථකත්වයන් විමසීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග අනෙකුත් රටවල් හා සංසන්දනාත්මකව සාකච්ඡුා කිරීම වටී.
මෙම වෛරසය චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වූ පසු සෞඛ්‍ය අමාත්‍යයාංශයේ උපදෙස් පරිදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ මගීන් නිරීක්ෂණයට කටයුතු ක්‍රියාත්මක විය. ජනවාරි මස 27 වන දිනයේදී මෙරට නව කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව හමුවීමෙන් පසුව මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් විය. වූහාන් නගරයේ සිරව සිටි පිරිස රැුගෙන ආ පසු නිරෝධායන කටයුතු සිදු විය. පසුව ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවල්වලින් මෙරටට පැමිණි පිරිස නිරෝධායනය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්්ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු විය. මෙලෙස නිරෝධායන කටයුතු සිදු කරන අතරේ බුද්ධි අංශ ද විශේෂ කාර්යයක් ඉටු කළේය. ඒ ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමෙනි. ඒ හරහා මෙම වෛරසයේ ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය විය. පෞද්ගලික රෝහල්වල සහායද ලබාගෙන පරීක්ෂණ කටයුතු ද වේගවත් කිරීමට කටයුතු කර ඇත. නව සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් සහ වෛද්‍ය උපකරණ ද නව නිපැයුම්කරුවන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල විසින් නිශ්පාදනය කරමින් පවතී.
මෙම වසංගත තත්ත්වය දැඩි ලෙස බලපා ඇති රටවල් සැලකිලිමත් නොවූ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව විසින් මෙම වසංගත තත්ත්වයේ මුල් අදියරේ පටන් ගෙන ඇත. එම නිසා මෙම තත්ත්වය බොහෝ දුරට පාලනය කිරීමට හැකිවිය. එම ක්‍රියාවලිය තුළ අඩුලූහු`ඩුකම් ඇති විය හැක. මෙවැනි වසංගත තත්වයක් පාලනය කිරීමේදී අඩුපාඩු අවම කර ගැනීමට රටක් ලෙස අප සෑම විටම කටයුතු කළ යුතුය. සදහා පුරවැසියන් ලෙස අපගේ වගකීම නිසිපරිදි ඉටු කළ යුතුය. මෙම වසංගත තත්ත්වයේ ආසන්නතම බලපෑම සිදු වූයේ නාවික හමුදා සෙබළෙකු නව කොරෝනා ආසාදිතයෙකු බවට පත්වූ පසුවය. නාවික හමුදාව විසින් කොරෝනා වසංගත තත්ත්වය මෙරටින් තුරන් කිරීමේ සදහා බොහෝ ස්ථාන විෂබීජහරණය කිරීමෙන්, නව රෝහල් ඉදිකිරීමෙන්, නිරෝධායන ක්‍රියාවලියට ශක්තියක් කිරීම සදහා විශාල සේවයක් ඉටු කළහ. ඔවුන් මෙම වෛරස් තත්ත්වයට ගොදුරු වූයේ සමස්ත රටවැසියාගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සිදු අතරතුරයි. මෙරට ආරක්ෂක අංශ සහ සොඛ්‍ය අංශවල ආරක්ෂාව අනතුරේ නොහෙලා පුරවැසි වගකීම ඉටුකිරීමට කටයුතු කිරීමෙන් මෙම වසංගත තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත. ලෝකයේ කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කරමින් සිටින සෑම රටක්ම එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වී ඇත්තේ පුරවැසියන් ලබාදෙන දායකත්වය නිසාය.
කොරෝනා වෛරසයේ තත්වය තේරුම් ගැනීමට අනෙකුත් රටවල්වලට අත්ව ඇති ඉරණම වටහා ගැනීම ඉතා ප්රමාණවත්ය. තවමත් අවදානම පහව යන සේයාවක් හෝ දක්නට නැත. එබැවින්, මෙම තත්ත්වය තවදුරටත් පාලනය කිරීමට පුරවැසි වගකීම නිසියාකාරව ඉටුකිරීමට කටයුතු කළ යුතුය. මෙම ක්‍රියාවලිය තුළ මෙතෙක් පවත්වාගෙන ආ සාර්ථකත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනුයේ එවිටය.
එන්. එම්. බුද්ධිනී කරුණාතිලක
දර්ශන අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...