චීනය මේ වනවිට කොරෝනා වෛරසය රට පුරා පැතිරීමේ දෙවන රැල්ල වැළැක්වීමට කටයුතු සිදු කරගෙන යමින් පවතී. එලෙස ගනු ලැබූ ක්‍රියාමාර්ග අතර විදේශිකයන් රට තුළට ඇතුල්වීම තහනම් කිරීම, විශාල වශයෙන් PCR පරීක්ෂණ සිදුකිරීම හා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා පුද්ගලයන්ගේ ගමන්බිමන් පාලනය කිරීම ප්‍රධාන තැනක් ගනී.
කොරෝනා වසංගතයට මුහුණ දුන් ප්‍රථම රට චීනය වන අතර, ඔවුන් රෝගය පැතිරීම සාර්ථකව මර්දනය කිරීමට ද සමත් විය. එමෙන්ම අද වන විට වසංගතයක් නැවත ඇතිවීම වැළැක්වීමට උත්සාහ දරන ප්‍රථම රට ද චීනය වේ. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගන්නා අතරතුර වෛරසය පැතිරීම පාලනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ අනුව කිසිදු විදේශිකයෙකුට චීනයට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර, විදේශයන්හි සිට පැමිණෙන චීන ජාතිකයන් හට නිරෝධායනය වීම අනිවාර්ය වේ. එමෙන්ම සීමා කිරීමෙන් පසු නැවත රැකියා කරා පැමිණෙන සියලුම පුද්ගලයන් පරීක්ෂණයට ලක් කිරීමට චීනය පියවර ගෙන ඇත.
Alibaba හා Tencent සමාගම් එක්ව සංවර්ධනය කරන ලද ජංගම දුරකථන මෘදුකාංගයක් මගින් සියලු චීන ජාතිකයන්ට, එක් එක් පුද්ගලයන්ගේ අවදානම තීරනය කරන කේතයක් ලබා දෙයි. මෙම කේතය තීරණය කරනු ලබන්නේ පුද්ගලයකුගේ ගමන් බලපත්‍ර දත්ත, පදිංචිය හා ඔහුගේ ගමන් බිමන් දත්ත මත පදනම්ව වෙයි. ඒ අනුව වෙනත් වර්ණයන්ගෙන් යුක්ත කේතයන් ඔවුන්ට ලබා දෙයි. කොළ පැහැ කේතය ඇති අයෙකුට තම ගමන් බිමන් යෑමේ නිදහස හිමිවන අතර කහ කේතය අයෙක් නම් සතියක් ද රතු කේතය ඇති අයෙක් දින දාහතරක් ද නිරෝධායනය විය යුතුය. සියලුම ආපන ශාලා සාප්පු සංකීර්ණ හා පොදු ප්‍රවාහන භාවිතා කිරීමේදී මෙම කේතය පරික්ෂා කරනු ලබයි.
චීනය මේ වනවිට පනවා තිබූ බොහෝ සීමාවන් ලිහිල් කර ඇති නමුත් වෛරසයේ ව්‍යසනකාරී පැතිරීමක් දක්නට නොලැබේ. මෙම තත්ත්වය දැනට චීනය විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග ප්‍රතිඵලදායක බවට නිදසුනකි.
මූලාශ්‍ර
news.mail.ru
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...