දේශීය පුවත්

පෙරේදා උදෑසන 6ට පමණ තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේදි අධික වේගයෙන් ධාවනය වූ BMW I 8 වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ 2ක ගැටී ඒ අසළ තිබු දියවන්නා ඔයට ඇද වැටී තිබිණි.

අනතුරින් සුපිරි මෝටර් රථයට මෙන්ම එහි ගැටුනු අනෙක් රථ 2කටද හානි සිදුවුවත් කිසිදු අයෙකුට හානියක් සිදුව නොතිබිණි.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේ පිහිටි සමාජ ශාලාවක රථ ගාලක නවතා තිබු මෙම සුපිරි මෝටර් රථය පෙරේදා උදෑසන 5.53 ට පමණ අධික වේගයෙන් ඉන් පිටත්ව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.

මෝටර් රථය පිටත්වයනවත් සමඟම එම රථ ගාලේ රැදි සිටි පුදගලයින් කිහිපදෙනෙක්ද එක්වරම ප්‍රධාන මාර්ගය දෙසට දිව යන ආකාරයද ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබිණි.

අනතුරින් පසු සුපිරි මෝටර් රථයේ රියදුරු , රථය එහි දමා පළා ගොස් ඇති අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේදි මත්පැන් පානය කර සිටින්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ අදාළ සුපිරි මෝටර් රථය ලියාපදිංචි කර නොමැති රථයක් බවයි.

සුපිරි මෝටර් රථය දමා පලා ගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර සිටී.

ලියාපදිංචි නොමැති වාහනයක් ධාවනය කිරීම, වාහන දෙකකට අලාභ කිරීම, අනතුරක් සිදු කර පලා යාම චෝදනා මොහුට විරුද්ධව ගොනු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More