බහුතරයක් නොමැති පළාත් පාලන ආයතන සඳහා බහුතරය පෙන්වමින් සභාව පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන්නේ එම සභාවේ සභාපතිධුරය තම පක්ෂයට ලබා දෙන්නේනම් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
එම කොන්දේසි පමණක් යටතේ ඕනෑම දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන බවත් එය එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද කියා ගැටළුවක් නොමැති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් එම දේශපාලන පක්ෂ දෙක සමග නිල මට්ටමින් කිසිදු සාකච්ඡාවක් මේ දක්වා පවත්වා නොමැති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...