දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන දිනය සහ වේලාව හෙට (20) දින තීරණය කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන රැස්වීම් දෙකකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම හෙට පෙරවරු 11.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිත බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීම හෙට සවස 6.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විජේරජම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිත බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 කට වැඩි ප්‍රමාණයක් අත්සන් කර තිබෙන බවත් ඊට අතසන් තබා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් ගැන සමාලෝචනයක් මෙහිදී සිදුකරන බවත් ඊට අමතරව ඡන්ද විමසීමේදී විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා තිබෙන ඡන්ද සංඛ්‍යාව ගැනද සාකච්ඡා කිරීමට නියමිත බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More