වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතකර සිටියදී තමන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ.
සන් (The Sun) පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව පළමු වරට අදහස් දක්වමින් අගමැතිවරයා අනාවරණය කළේ සිය මරණය නිවේදනය කිරීමට වෛද්‍යවරුන් සූදානම් වූ බවයි.
කොතරම් බලසම්පන්න රාජ්‍යයක රාජ්‍ය නායකයෙකුට වූවද වෛරසයට එරෙහි සටන ජයගැනීම අසීරු බව පසක් කරමින් තමන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔක්සිජන් විශාල වශයෙන් ලබාදීමට සිදු වූ බවත් අගමැතිවරයා පවසා තිබුණි.
මේ අතර වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටවී දින 17 කට පසු අගමැතිවරයා පිය පදවිය ලැබීම විශේෂ සිදුවීමකි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගමැතිවරයාගේ ජීවිතය බේරූ නිකලස් ප්‍රයිස් (Nicholas Price) සහ නිකලස් ජොන්සන් (Nicholas Johnson) වෛද්‍ය දෙපළට ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ නම්වල නිකලස් නාමය යොදාගෙන සිය පුතුට විල්ෆ්‍රඩ් ලෝරි නිකලස් ජොන්සන් (Wilfred Lawrie Nicholas Johnson) ලෙස නම් තැබූ බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...