විදේශ පුවත්

සුප්‍රසිද්ධ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෙකු වන අමෙරිකානු ජාතික වොරන් බෆට් මහතාට අයත් “බර්ක්ෂයර් හත්වේ” සමාගම ඩොලර් බිලියන 50කට ආසන්න ප්‍රමාණයකින් පළමු කාර්තුව තුළ පමණක් පාඩු ලබා ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස  “බර්ක්ෂයර් හත්වේ” සමාගම් සමූහය සතු අමෙරිකන් එයාර් ලයින්ස්,ඩෙල්ටා එයාර් ලයින්ස්, සවුත් වෙස්ට් එයාර් ලයින්ස් සහ යුනයිටඩ් එයාර් ලයින්ස් යන ගුවන් සමාගම් වල සියලු කොටස් වල සමස්ත අයිතිය අත්හැර දැමීමට තීරණය කර ඇත.

මෙහිදී වොරන් බෆට් මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සමාගම් වල කොටස් මිළදී ගැනීම තමාගේ තනි මතයට ගත් වැරදි තීරණයක් බවයි. කෙසේ වුවද අමෙරිකානු ගුවන් සමාගම් ඉක්මනින් යථා තත්වයට පත්වනු බවක්ද අපේක්ෂා කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. වොරන් බෆට් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ” අපි යම් ව්‍යාපාරයකට කැමැත්තක් දක්වන්නේ නම් එම ව්‍යාපාරයේ කොටස් අපට හැකි උපරිමයෙන් මිළදී ගන්නවා පමණක් නොවෙයි හැකි උපරිම කාලයක් අප එම කොටස් රඳවා තබා ගන්නවා.

නමුත් අපි යම් ව්‍යාපාරයක් කෙරෙහි ඇති කැමැත්ත අත් හරින්නේ නම් එය අර්ධ වශයෙන් කරණු ලබන්නේ නැහැ.” යනුවෙන් පැවසුවේය.
කෙසේ වුවද කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ධනාත්මක ආයෝජකයෙකු ලෙස නමක් දිනාගෙන ඇති වොරන් බෆට් මහතා පවසා සිටියේ අමෙරිකානු වෙළෙඳ පොළ එහි පතුලටම ඇද වැටී ඇති බවත් මෙවැනි අවස්ථාවක මුදල් ණයට ගැනීම ඉතා වාසි දායක බව පවසා සිටියේය. නමුත් ණයට දීම හෝ ආයෝජනය කිරීම සුදුසු නැති බවද අවධාරණය කළේය.

වොරන් බෆට් මහතාගේ “බර්ක්ෂයර් හත්වේ” සමාගම 2020 වර්ෂයේ පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 137ක මුදලක් එක් රැස් කරගෙන සිටින අතර ලෝක ආර්ථිකයේ සිදුවන කඩාවැටීම හේතුවෙන් ඩොලර් බිලියන 49.75ක පාඩුවක් වාර්තා කිරීමට සමත්ව සිටින්නේය.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර –  www.rt.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More