භාණ්ඩාගාර නිලධාරින් මේ ගැසට් එක ගැහුවේ කාව ගොනාට අන්දන්නද යන්න තවම පැහැදිළි නැහැ. ඒක ගොන් තකතීරු වැඩකට වඩා හිතා මතා බොහෝ පාර්ශව ගොනාට අන්දන්න කළ වැඩක් බව පැහැදිළිව පේනවා. ඒ ගැසට් නිවේදනයෙන් ආනයනය පාලනය කරන කාණ්ඩ 111 ක් අතුරින් 99% කින් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ.
ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් විදේශ විනිමය ඉතිරිකර ගැනීම, රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීම, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීම හෝ නව තත්වයන්ට මුහුණ දීම සඳහා මහජනයාගේ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම ආදී කිසිඳු අරමුණක් ඉටු වන්නේ නැහැ. එවැනි බලපෑමක් වෙනවා යැයි යමෙකු විසින් තර්ක කරනවා නම් එසේ කලහැක්කේ ෆාම් තෙල් ආනයනය සීමා කිරීමට අදාළව පමණයි. මේ ගැසට්ටුව මඟින් උවමනාදේට ප්‍රතිවිරුද්ධ දේ පවා සිදුවනවා.
උදාහරණයක් ලෙස දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන යම් අතරමැදි අමුද්‍රව්‍ය සහ උපාංග ආනයනය සීමා කෙරෙනවා. රටට ආනයනය කළත්, නොකළත් ඉතා සුළු බලපැමක් සහිත භාණ්ඩ වල ආනයනය සීමා කළත් තිරිඟු පිටි, කිරි පිටි, වාගත, අති සුබෝපභෝගී භාණ්ඩ ආදී විදේශ විනිමය බහුලව වැය වන දේ ගැසට්ටුවට ඇතුල්කර නැහැ.
මෙය ඉතා සූක්ෂම උපක්‍රමයක්. යම් කාලයකට හෝ යම් තෝරාගත් භාණ්ඩ ප්‍රමාණයකට සීමා වන ලෙස ආනයනය පාලනය කිරීම මඟින් මහජනයා නොමඟ යැවීමක් සිදු වේ. එවිට රජය දැන් ආනයනය සීමා කොට දේශීය නිෂ්පාදන පද්ධතිය දිරි ගැන්වීමට උපාය මාර්ගික තේරීමක් සිදු කොට ඇති බවක් ව්‍යාජ ලෙස ගම්‍ය වේ. එසේම ඒ මඟින් සැබෑ ලෙසම ජාතික ආර්ථිකය ගොඩ නැගීමමට අදාළව දීර්ඝ කාලීනව සහ විශේෂිතව ආනයන සීමා කිරීම සඳහා ගත යුතු නිසි පියවර අවතක්සේරු වෙනවා.
ඊට අදාළ මහජන සංවාදය යටපත් වෙනවා. උදාහරණයක් ලෙස තිරිඟු පිටි, කිරිපිටි, ෆාම් තෙල් ආදී රටේ ආහාර සුරක්ෂිතතාවයට, ග්‍රාමීය ආර්ථිකයට, ගොවියාගේ ජිවන තත්වයට විදේශ විනිමය භාවිතයට ආදී වශයෙන් වන බහු විධ ක්ෂේත්‍රවලට බලපෑමක් ඇතිකරන ද්‍රව්‍යය ආනයනය දීර්ඝ කාලීනව සීමා කිරීම සඳහා කළ යුතු දේ නොකර සිටීමට ඒ මඟින් අවස්ථාව ලැබෙනවා. එනම් ඒවා ආනයනය සීමා කිරීම සඳහා පැනවිය යුතු බදු සහ බදු නොවන බාධක මඟහැර යාමට අවස්ථාව ලැබෙනවා.
පොදුවේ ආනයන සිමා කරනවා යන බැනරයට මුවා වී මහා සමාගම් වල උවමනාව ඉටු කරන්න අවස්ථාව ලැබෙනවා. එනම් පරණ පාරෙම අළුත් ඇඳුමක් ඇඳගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම හරි වචනය ඇඳීම නොව ඇන්දවීමය. මෙම ගැසට්ටුව ප්‍රභල ආනයනකරුවන් පිරිසක් විසින් සකස් කළ එකක් ලෙස හැඳින්වීම අසාධාරණ නැහැ.
ඒතරමට ඒ මඟින් කළ යුතු දේ වෙනුවට ප්‍රතිවිරුද්ධ දේ කරන තැනට ආණ්ඩුව තල්ලු කරලා තියෙනවා. පරණ කට්ටිය විසින් පරණ වයින් අළුත් ලේබලයක් අලවලා මහජනයාට පොවන්න හදන බව තමයි අපට පේන්නේ.
අදාළ ගැසට් නිවේදනයට පිවිසෙන්න IMPORTS AND EXPORTS
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...