විදේශ පුවත්

කෝවිඩ්-19 වෛරස් වසංගතය කරලියට පැමිණියේ චීනය යැයි පැවසීමට ට්‍රම්ප් පාලනය විසින් උසි ගන්වන ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ( Department of Homeland Security-DHS )සකස් කළ ආරක්ෂක වාර්තාවක් එළි දැක්වීමටත් ප්‍රථමයෙන් මාධ්‍යයට අනාවරණය වී ඇත.ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් “රාජකාරි කටයුතු සඳහා පමණයි” යන ලේබලය යටතේ නිකුත් කළ මාධ්‍යය අතට පත්වූ වාර්තාවක් මගින් කියවෙන්නේ චීනය මෙම වසරේ ජනවාරි මාසයේ සිට මූලික වෛද්‍ය උපකරණ එනම් මුඛ ආවරණ, අත්වැසුම් සහ සායනික ගවුම් ආදිය අපණයනය සීමා කළ බවත් ආනයනය ඉහළ නැංවූ බවත්ය.

ඒ අනුව අමෙරිකානු බුද්ධි අංශ විසින් නිකුත් කළ ආරක්ෂක තක්සේරුවකින් කිය වෙන්නේ 95% ක විය හැකිතාවයක් ඇත්තේ චීනයේ මෙම හැසිරීම සාමාන්‍යය ආකාරයේ නොවීමටයි. එසේම වාර්තාව පවසා සිටින්නේ චීනය උවමනාවෙන්ම මෙහි ඇති බරපතලකම ලෝකයෙන් සඟවා සිට ඇති බවයි.තව දුරටත් එම වාර්තාව පවසා සිටින්නේ චීනය වෛරසය බෝ වන්නේ ස්පර්ශක මගින් බව දැන සිට ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට දැන්වීම ප්‍රමාද කළ බවත්ය.

මාධ්‍යයට නිරාවරණය වූ වාර්තාව මගින් මෙතෙක් කළක් අමෙරිකානු ජනධිපති ට්‍රම්ප් සහ රාජ්‍යය ලේකම් මයික් පොම්පියො ඇතුළු බළධාරීන්, අමෙරිකානු පුරවැසියන් මිය යාමට හා අමෙරිකානු ආර්ථිකය කඩා වැට්ටවීම බෙයිජිං පාලනය විසින් කළේ යැයි එල්ල කළ චෝදනා වලට නව ජවයක් ලැබී තිබේ. ඔවුන් එල්ල කළ චෝදනාව වූයේ එක්කෝ චීනය සිදු කළ අත් වැරැද්දක් නිසා හෝ වුහාන් ප්‍රදේශයේ ඇති විද්‍යාගාරයක සිදුවූ කාන්දුවකින් මෙම වසංගතය උද්ගත වූ බවයි. එහෙත් මේ දක්වාම මාධ්‍යය මගිනුත් සාමාන්‍යය මහජනයාත් දැඩි පීඩනයක් එල්ල කරනු ලැබුවේ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More