ශ්‍රී ලංකාව සම්බන්ධව ජීනීවා යෝජනාව මුළුමනින්ම නීති විරෝධී යෑයි දක්‌වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (19 දා) දහවල් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ ජිනීවා යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිසේත් අනුමැතිය දී නොමැති බවත් එම යෝජනාවට සම අනුග්‍රහය ලබාදී ඇත්තේ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර බවත් ය.
බ්‍රිතාන්‍යයේ ප්‍රකට රාජ්‍ය නීතිඥවරයෙක් විසින් මෙම පැමිණිල්ල කෙටුම්පත් කර ඇත. ජිනීවා යෝජනාව අභියෝගයට ලක් කරමින් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල නිසා පරීක්‍ෂණයක් පවත්වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...