කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ඉකුත් මාර්තු මස 25 වැනිදා සිට අගුලු දමා තිබෙන ඉන්දියාවේ අප්‍රේල් මාසය තුළ අගුලු දැමීමේ දැඩි නීතිරීති හේතුවෙන් මිලියන 122 කට සිය රැකියා අහිමි වී ගොස් ඇති බව එරට පුද්ගලික පර්යේෂණ ආයතනයක් වන ඉන්දියාවේ ආර්ථිකය අධීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය අද (06දා ) ප්‍රකාශ කර තිබේ.
මේ අනුව මේ වන විට ඉන්දියාවේ රැකියා විරහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වාර්තාගත අයුරින් සියයට 27.1 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම ප්‍රතිශතය ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා විරහිත පුද්ගලයින්ගේ ප්‍රතිශතය මෙන් සිවු ගුණයක් බව එම මධ්‍යස්ථානය කියයි.
මෙතෙක් ඉන්දීය රජය විසින් රටේ රැකියා විරහිත භාවය පිලිබඳ නිල දත්ත එළි දක්වා නැති අතර ඉන්දීය ආර්ථිකය අධීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේ දත්ත එරට වැඩි පිළිගැනීමකට ලක්ව තිබෙන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...