සමස්ත අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. රටේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රජයට අවශ්‍ය බවද, එක් මසක් අප මේ වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සදහා යොදවන ලෙස උපදෙස් දුනහොත් අයවැය හි`ගය අඩුකර ගත හැකි බවද ජනාධිපති ලේකම්වරයා සදහන් කරයි. ඊයේ (06* සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ලෙක්ම්වරුන්, දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ සියලූ රාජ්‍ය නිලධාරීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා එසේ සිය ඉල්ලීම සිදුකර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය අමුතුවෙන් කිව යුතු නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශ්ලේෂණයට අනුව ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ 1930 වසරේ ඇති වූ ආර්ථික අවපාතයකට වඩා දරුණු ආර්ථික අවපාතයකටය. එම විශ්ලේෂණයේ වැඩිදුරටත් සදහන් වන්නේ කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 1980 දශකයේ ආර්ථිකය පැවති මට්ටමට පසු බසින බවය. මෙය ශ‍්‍රී ලංකාවට පමණක් පොදු වු තත්වයක් නොව සමස්ත ගෝලයේම ආර්ථිකය කොරෝනා විසින් ගිලගෙන තිබේ. එම නිසා මෙම ආර්ථික අවපාතය ගැන සහ ඊට මුහුණ දීම ගැන ආණ්ඩුවට අවබෝධයක් තිබිය යුතුය. ජනාධිපති ලේකම් පී .බී . ජයසුන්දර මහතා මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව මෙම ආර්ථික අවපාතය අවබෝධයක් තිබෙන බවය. නමුත් අර්බුදය වන්නේ අසරණ රජයේ සේවකයන්ගේ පඩි පත කපා දැමීමෙන් මෙම මෙම ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට හැකිද යන්නය.
ශ‍්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වන විට, මහ බැංකු වාර්තාවලට අනුව රටේ ජාතික අදායමෙන් සියයට 84ක් වැය වන්නේ ණය ගෙවීමටය. ඉතිරි මුදලින් සියයට 40ක් වැය වන්නේ රජයේ සේවකන්ට පඩි ගෙවීමටය. මෙම මුදල් පිය වු පසු අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සුබසාධන සේවා පවත්වා ගැනීමට ඉතිරිවන මුදල කොහෙත්ම ප‍්‍රමාණවත් නැත. රටේ අය-වැය හිඟය වසරින් වසර දෙගුණ වන්නේ මේ නිසාය. ආර්ථික විද්‍යාවට අනුව ශ‍්‍රී ලංකාව අර්ථකථනය වන්නේ ණය ගෙවීමට ණයට මුදල් ගනිමින් සිටින රටක් ලෙසය. රට මෙවැනි ප‍්‍රපාතයකට ඇද වැටීම ගැන රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු පුරවැසියන් වග කිව යුතුද? ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටේ අදායමට ඔරොත්තු නොදෙන තරමට ප‍්‍රසාරණය කළ, එය පවුලේ ව්‍යාපාරයක් බවට පත්කරගෙන, අසරණ ජනතාවගේ බදු මුදල් සූරා කමින්, පාර්ලිමේන්තුව තමන්ගේ මහගෙදර බවට පත්කරගෙන සිටින දේශපාලකයන් අදටත් යහතින් ජීවත් වෙති. මේ ව්‍යසනකාරී මොහොතේදී ආණ්ඩුව එම දේශපාලකයන්ගේ කිසිඳු දීමනාවක් කපා නොදමා, අසරණ රාජ්‍ය සේවකයාගේ පඩිපත ආණ්ඩුවට පූජා කරන ලෙස කීම, මොනතරම් සදාචාරාත්මකද යන්න, ආණ්ඩුව විසින්ම විමසා බැලිය යුතුය.
අපගේ මතය නම් අසරණ රාජ්‍ය සේවකයාගේ වැටුප කප්පාදු කිරීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනා කපා දැමීමෙන් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවය. මෙම ආර්ථික කොරෝනාවෙන් ගොඩ ඒමට නම් රටට හොදට හෝ නරකට සෘජු ආර්ථික ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැනි ආර්ථික ප‍්‍රතිපත්තියක් තිබුණේ 77යේ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුවට පමණි. අවාසනාව වන්නේ ඉන් පසු බලයට පත් වු එජාප හෝ ශ‍්‍රීලනිප ආණ්ඩුවකට එවැනි රැුඩිකල් ආර්ථික ප‍්‍රතිපත්තියක් නොතිබීමය.
මේ නිසා අදටත් රටේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ආණ්ඩුවවත් දන්නේ නැත. එම නිසා කොරෝනා වෛරසය අවසන් වීමට පෙර මෙම අවුල ලිහා ගත යුතුය. මේ වසංගත මොහොතේත් රාජ්‍ය අදායම උපයා ගත හැකි ආයතන සියල්ල ඉබි යතුරු දමා වසා දමා තිබේ. මේවා වසා දමා තිබෙන්නේ කොරෝනා වෛරසය නිසා නොව රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතා හේතුවෙනි. එම ආයතන දෙකකට හොදම උදාහරණය තැපෑල සහ දුම්රියයි. භාණ්ඩ ප‍්‍රවාහනය අතින් පෞද්ගලික අංශය හා තර`ග කර විශාල රාජ්‍ය අදායමක් උපයා ගත හැකි මෙම ආයතන පරිපාලන අකාර්යක්ෂමතා හේතුවෙන් වසරකට රුපියල් කෝටි දසදහසක් පමණ පාඩු ලබමින් සිටිති. මෙය ඉතා සරල උදාහරණයක් පමණි. මේවා හරි මගට ගැනීමට ආණ්ඩුවට එක රැුයකින් තීන්දු ගත හැක. එම තීන්දු කිසිවක් නොගෙන, අසරණ රජයේ සේවකයාගේ පඩි පත කප්පාදු කිරීමෙන් මෙම ආර්ථික අවපාතයෙන් ගැලවිය නොහැකි බව ආණ්ඩුව අවබෝධ කර ගත යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...