Covid 19 තුළ ලංකාව පස්සට ගියා තමයි. නමුත් රටක් විදිහට සතුටු වෙන්න පුළුවන් මාර්ග රැසක් මේ වෙලාවේ අපි රටට හදාගනිමින් ඉන්නවා.
මහා සාගරයේ කැළඔුම මගින් වෙනස් වූ මුහුදු මාර්ග වල පොර බැදූ තමන්ට ලෝකයේ නව ගොඩබිම් සොයා යන්නට හැකිවූ,බව වස්කෝද ගාමා ඔහුගේ දේශාටක සටහන් වල සදහන් කරනවා.
මේ වසංගතය එනකොට අපි පෙනඩෝල් පෙත්තත් රටෙන් ගේන්න සල්ලි වියදම් කෙරැව රටක්.
හැබැයි අපි පැරසිටමෝල් පෙත්තක් දැං ලංකාවේ නිර්මාණය කරනවා. මේ වසංගතය නිමාවෙලා ආපහු සාමාන්‍ය ජීවිතයට ලංකාව එනකොට අවම ලෙස රෝහල් වල රෝගීන්ට දෙන පැරසිටමෝල් පෙත්තට අපේ රටේ නිෂ්පාදන පැසිඩෝල් පෙත්ත ආදේශ වෙලා තියේවි.❤
මේ,තාක් ලංකාවේ රෝහල් වලට ඉන්දියාවෙන් ගෙනවූ සේලයින් ටිකට දෙසැම්බර් වෙනවිට සම්පුර්ණ ලෙස ලංකාවේ නිෂ්පාදන සේලයින් බෝතල් ටික ආදේශ වේවි.❤
ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කළමානාකාර අධ්‍යක්ෂක වෛද්‍ය සමන් හේරත් පවසන පරිදි ලංකාවේ ඉදිරියට පිළිකා නාශක ඖෂධ ලංකාවේ නිර්මාණය වේවි.❤
මේ සියළු දේට වසරකට ලංකාවෙන් පිටට ගිය බිලියන 3.5 අදාල මුදලක් රට තුළ ඉතුරැ වේවි.
මේ වසංගතය එක්ක 20% වඩා රසායිනික පොහොර වෙනුවට ආදේශ වුන කාබනික පොහොර මත ලංකාවෙන් මුදල් එලියට ඇද්ද රසායිනික පොහොර වලට ගෙවන මිළ අඩුවේවි.❤
අත්‍යාවශ්‍ය නොවන ලංකාවට විවෘත වෙළද පළ ආර්ථිකය තුළ ආව බොහෝ නිෂ්පාදන වලට ආනයන ආදේශන රට තුළ නිර්මාණය වේවි.❤
අපි මේ වසංගතයෙන් පසු ජාතික ආර්ථිකයකට යන ගමන සනිටුහන් වෙනවා.
දැනටමත් ලංකාවේ අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ වර්ග 100 කට පමණ ආනයනික තහංචි පනවලා තියනවා.
මේ රට ගොඩ ගන්න රටෙන් එළියට ඇදිලා යන මුදල් කන්දරාව අඩු කරන වැඩ පිළිවෙලයන් දැන් මේ වසංගතය අස්සේම ක්‍රියාත්මක වෙනවා.
වසරකට බිලියන රැපියල් 1.66 පමණ වියදම් වූ රසායිනික ද්‍රව්‍ය දැන් පරන්තන් කෙමිකල් වලින් ලංකාවට නිෂ්පාදනය වෙනවා. මේ තාක් රටෙන් ගෙන්වූ ක්ලෝරීන් ටික පවා ලංකාවේ අපේම පොලවේ හැදෙනවා.❤
මේ වසංගතය තුළම අපි ලංකාවේ නැවත.වාලච්චේනේ කඩදාසි නැවත හදන්න අරඹා තියනවා.❤
දේශීය කිරි සම්පත් දියර කිරි ලෙස දැනට ඇති ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ දා ගන්න සැළසුම ක්‍රියාත්මක වෙනවා.❤
ලංකාවට මේ තාක් මාලදිවයිනෙන්ම ගෙනාව උම්බලකඩ වෙනුවට ලංකාවේ නිෂ්පාදනය කරන තැන අරඔලා තියනවා.
අපි මහා රළු කුනාටුවකට හසුවෙලා මුහුදේ පොරබදන නැවක්.
ඔව් වස්කෝද ගාමා කීව විදිහට අපිට මෙම සුළි කුනාටුව අතරින්ම යන්න අළුත් මාවත් විවර වෙලා තියනවා.
අපි අභියෝග වලට බිය නොවන නැවියන් සමග නව මාර්ග දිගේ ගමන් කර ජයග්‍රහණය සොයා ගන්න රටක් වෙනවා.
අපි පුංචි පැරසිටමෝල් පෙත්තෙන්
සේලයින් බෝතලෙන්
කාබනික පොහොර බෑග් එකෙන්
උම්බලකඩ කෑල්ලෙන්
අපි යන මහා ගමනක වෙනස් වෙන මාර්ගය සනිටුහන් කරමු.
නුවන් මොණරවිළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...