රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් තව දුරටත් ආණ්ඩුව තුල කටයුතු කල නොහැකි බව ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් විසින් ලියවිල්ලක් අත්සන් කරමින් සිටින බව වාර්තා වෙයි.
අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල නොහැකි නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි සදහන් එම ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතය.
රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්ති කිසිසේත්ම ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තීන්වලට ගැලපෙන්නේ නැතැයිද එම පිරිස ලියවිල්ලෙන් පෙන්වා දෙයි.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි 7.00 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...