තම රජය වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ මහතා පැහැර ගෙනයාමට කුමන්ත්‍රණය කළේ යැයි නගන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එසේම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ තමාට එසේ කිරීමට යම් උවමනාවක් තිබුනේ නම් අමෙරිකානු හමුදාව යොදවා වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැරගෙන යාමට හැකියාව තිබෙන බවය.
පසුගිය සිකුරාදා “ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙරෙන්ඩ්ස්” මාධ්‍යය ආයාතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා අමෙරිකානු කුලී හේවායන් වෙනිසියුලාවේ උතුරු වෙරළබඩ කළාපයෙන් වෙනිසියුලානු භූමියට ඇතුල්වීමට ගත් උත්සාහය ව්‍යවර්ථ කරමින් වෙනිසියුලානු හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එම කුලී හේවායන් අමෙරිකානු රජයේ ඒජන්තයන්ය යනුවෙන් එල්ලවන චෝදනාව හෙතුවෙන් ඇතිවූ උනුසුම සිසිල් කිරීමේ උවමනාවෙන් මෙම මාධ්‍යය සාකච්ඡාව පැවතුවු බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතයයි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ,”මට වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට උවමනා වූයේ නම්, මම කිසිවිටකත් ඒ බව සඟවා සිටීමට කටයුතු කරන්නේ නැහැ.” යනුවෙනි.
අමෙරිකානු ජනාධිපතිවරයා අසාර්ථක ආක්‍රමණිකයන් හොර තක්කඩින් ලෙස හැඳින්වූ අතර ව්‍යාජ සිනහවක් ආරූඨ කරගනිමින් කියා සිටියේ මෙම ආක්‍රමණය “ජෝර්ජ් වොෂින්ටන්” විසින් මෙහෙය වූවක් නොවන බවත් රහස් මෙහෙයුම් තමාගේ ක්‍රමවේදය නොවන බවයි. කෙසේ වුවද පසුගිය සඳුදා රහසිගතව වෙනිසියුලානු උතුරු වෙරළට ගොඩ බැසීමට උත්සහා කළ ආයුද සන්නද්ධ 13ක් වූ පිරිස අතර අමෙරිකාවේ ෆ්ලොරිඩාවෙ සිට ක්‍රියාත්මක “සිල්වර්කෝප්” නැමැති අමෙරිකානු කුලී හමුදාවක සෙබළුන් දෙදෙනෙකුද සිටින බව වෙනිසියුලානු රජය පවසයි.
වෙනිසියුලානු ආරක්ෂක අංශ වල ප්‍රශ්න කිරීම් හමුවේ අත් අඩංගුවට ගත් පිරිස හෙළි කරනු ලැබුවේ වෙනිසියුලානු ගුවන්තොටුපලක් අල්ලා ගෙන වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ මහතාව අත් අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන යාම ඔවුන්ගේ අරමුණ වී තිබුනු බවයි.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – rt.news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...